හිටපු ඇමති කෙහෙලියගේ සහ පවුලේ අයගේ මිලියන ගණනක් ස්ථාවර බැංකු ගිණුම් අත්හිටුවන්න පියවර...

Sri Lanka Police Keheliya Rambukwella Sri Lanka Banks
By Sithumini Jul 04, 2024 10:05 AM GMT
Report

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ රු. මිලියන 90කට අධික වටිනාකමකින් යුත් ස්ථාවර බැංකු ගිණුම් 16 ක් සහ රක්ෂණ ඔප්පු 03 ක් තහනම් කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමෙන් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඔහුගේ බිරිද දියණියන් තිදෙනා සහ එක් දියණියකගේ ස්වාමි පුරුෂයාගේ රුපියල් මිලියන 93ට වැඩි මුදලක් පෞද්ගලික බැංකුවකට අයත් ගිණුම්වලින් ස්ථාවර තැම්පතු සහ ජීවිත රක්ෂණ ඔප්පුවල පවත්නා සැකකටයුතු භාවය හේතුවෙන් දින 7ක් යනතුරු මෙම ගිණුම් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.