බන්ධනාගාරයේ සිට අද අධිකරණයට එන්න හිටපු කෙහෙළිය හදිසියේම රෝහලට.

Sri Lanka Police Keheliya Rambukwella Ministry of Health Sri Lanka Sri Lanka Magistrate Court
By Wayomi Feb 15, 2024 11:46 AM GMT
Report

අද දිනයේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළියරඹුක්වැල්ල මාලිගාකන්ද මහේස්‍ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනා.

කෙසේ වෙතත් කෙහෙළිය රඹුක්වැල්ලගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වයක් හේතුවෙන් අද අධිකරණය වෙත ඉදිරිපත් නොකළ බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක කියා සිටියේ.

ආරංචි මාර්ග පවසන පරිදි “හෘදය ආශ්‍රිතව ඇතිවූ වේදනාවක්” හේතුවෙන් සැකකාර හිටපු අමාත්‍යවරයා බන්ධනාගාර වෛද්‍යවරයා වෙත යොමු කළ බවත්, එම වෛද්‍යවරයාගේ නිර්දේශ පරිදි ඔහු අද අධිකරණය වෙත ඉදිරිපත් නොකළ බවත් සඳහන්.

හිටපු සෞඛ්‍ය සහ පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ, ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට පෙබරවාරි 2 වන දා ඒ වෙත පැමිණීමෙන් අනතුරුවයි.

අනතුරුව සැකකාර අමාත්‍යවරයා අද (15) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය පෙබරවාරි 3 වන දා නියෝග කරනු ලැබුවා.