පාට වෙනස් වෙන්නේ නැතුව, අලුත් පෙනුමට ඩෙනිම තියාගන්න විධි.

By Wayomi Aug 08, 2022 10:40 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ජීන්ස් එහෙමත් නැත්නම් ඩෙනිම කියන්නේ ගැහැණු පිරිමි කියලා භේදයක් නැතිව අපි හැමෝම අඳින ඇඳුමක්. හැම කෙනාගේම අල්මාරියක ජීන්ස් අනිවාර්යයෙන්ම තියෙනවා.

1853 දී, ලෙවි ස්ට්‍රවුස් විසින් මුල්ම වරට ජීන්ස් එක ලොවට හඳුන්වලා දුන්නත් වගේම තාමත්, ඉස්සරහටත් expire නොවී, එනම් out of fashion නොවී පාවිච්චි වෙනවා.

දැන් කාලේ හැටියට නම් ජීන්ස් එකක් මිලදී ගන්න එක ලේසි නැහැ. හැබැයි සාමාන්‍යයෙන් ජීන්ස් එකක් අවුරුදු ගානක් use කරන්න පුළුවන්නේ.ඔන්න ඉතින් මේ කියන්න යන්නේ කාලයක් use කරන්න පුළුවන් ජීන්ස් එක පාට වෙනස් වෙන්නෙත් නැතුව, අලුත් පෙනුමට තියාගන්නේ කොහොමද කියලා.

👖 ජීන්ස් පිරිසිදු කිරීමේදී අත් සේදීම තමයි වඩාත් සුදුසුයි.

👖 ජීන්ස් හෝදනකොට බේසමක නැතුව, බාත් ටබ් එකක දමා හෝදන්න. එතකොට පොඟවා ගැනීමේදී සහ සේදීමේදී ජීන්ස් එක කෙළින් කරගන්න ලේසියි.

👖 පොඟවා ගැනීමේදී (පැය 1කට වඩා අඩු කාලයක්), විනාකිරි වීදුරු 1ක් සහ ලුණු තේ හැඳි 2ක් එකතු කරන්න. සේදුම් වතුරට වත් කිරීමට පෙර සියලුම අමුද්‍රව්‍ය කුඩා ජල ප්‍රමාණයක මිශ්‍ර කරන්න. මේ මිශ්‍රණය දීප්තිමත් වර්ණය මැකී යාම පාලනය කරනවා.

👖 105° F ට වඩා උණුසුම් ජලය භාවිතා කිරීමෙන් වලකින්න.

👖 රෙදි සෝදන කුඩු පාවිච්චි කරන්න එපා. එමගින් ජීන්ස්වල තියෙන ලෝහ කැබලිවල පාට මැකිලා අවර්ණ වෙන්න පුළුවන්. ඒ වෙනුවට දියර ඩිටර්ජන්ට්, ෂැම්පු හෝ සබන් භාවිතා කරන්න.

👖 අපිරිසිදු ස්ථාන වෙත වැඩි අවධානයක් යොමු කරමින් ජීන්ස් පිරිසිදු කිරීමට මෘදු කෙඳි බුරුසුවක් භාවිතා කරන්න. මුලින්ම, ඇතුළත සිට, පසුව පිටත පැත්තෙන් බ්‍රෂ් කරන්න.

👖 කලිසම් කකුල් එකිනෙක අතුල්ලමින් සෝදන්න එපා.

👖බ්‍රෂ් කරන්න.

👖 වොෂින් මැෂින් එකට දාලා ජීන්ස් හෝදන එක හොඳ දෙයක් නෙවෙයි කියලයි සමහරු නම් කියන්නේ. නමුත් busy වුණාම කරන්නේ washing machine එකේනේ සොදන්නේ.

👖 washing machine එකට ජීන්ස් එක දාන්න කලින් කනපිට හරවා ඔබේ සාක්කු හිස් කරන්න.

👖 ජලයේ උෂ්ණත්වය 105 °F ට වඩා වැඩි නොවිය යුතු අතර කැරකීම් 600කට වඩා වැඩි නොවිය යුතුයි. 

👖 ඉහළ උෂ්ණත්වය ඇඳුමේ වර්ණයට සහ ප්‍රමාණයට බලපානවා. ඔයාගෙ වොෂින් මැෂින් එකේ වෙනම ඩෙනිම් හෝදන කොටසක් තියනවා නම් ඒක භාවිතා කරන්න.

👖 දියර රෙදි සෝදන ඩිටර්ජන්ට් භාවිතා කරන්න. දීප්තිමත් වර්ණය මැකී නොයාමට නම් සේදීමට පෙර වතුරට විනාකිරි වීදුරුවකින් බාගයක් එකතු කරන්න.

👖 ජීන්ස් හෝදනකොට වෙනත් තදපාට ඇඳුම් (කළු, අළු, හෝ නිල් ඒවා) සමඟ සේදීමෙන් වළකින්න.

👖 ඩෙනිම් රෙදි වියලීමේදී වියළන යන්ත්‍ර සහ තද හිරු එළිය භාවිතා කරන්න එපා. සෘජු හිරු එළිය වළක්වා ගනිමින් ජීන්ස් එක ස්වභාවිකව වියළීමට ඉඩ දෙන්න.

👖 ජීන්ස් ඉවතට නොගන්න. අතින් මිරිකා වැඩිපුර ජලය ඉවත් කරන්න.

👖 ජීන්ස් එක දිගහරින්න.

👖 ජීන්ස් එල්ලීමට පෙර, රැළි ඇතිවීම වළක්වා ගැනීමට තුවායක් එල්ලන්න.

👖 සාමාන්‍යයෙන් ජීන්ස් එකක් අඩුවෙන් සෝදන තරමට ඒකෙ පාට ආරක්ෂා වෙනවා.

👖 කලිසමේ පැල්ලමක් වැටුණොත් මුළු ජීන්ස් එකම සෝදන්නෙ නැතුව පැල්ලම වැටුණු තැන විතරක් සෝදන්න.

👖 තද පාට ඇඳුම් සඳහා සුදුසු රෙදි සෝදන ඩිටර්ජන්ට් භාවිතා කිරීමට උත්සාහ කරන්න. එය ගොඩක් සියුම් නිසා. ලෙදර් කොටස් තියන ජීන්ස් සෝදනකොට ලෙදර් කොටස් ඉරිතලා නොයෑමට ග්ලිසරින් ටිකක් දමා යන්තමින් අතුල්ලන්න.   


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW