නිවාඩු පාඩුවේ හදලා රස බලන්න කී රොටී රෙසිපි එකක්.

Healthy Food Recipes Sri lanka Food Recipes
By Wayomi Sep 27, 2022 10:31 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

රසගුණ පිරි කී රොටී රෙසිපි එකක් මෙන්න. ගෙදරදීම හදලා රස බලන්නකෝ.

අවශ්‍ය ද්‍රව්‍ය

? හාල්පිටි ග්‍රෑම් 500

? සීනි තේ හැඳි 1

? මිටිකිරි කෝප්ප 2

? ලුණු ස්වල්පයක්


කිරි මිශ්‍රණයට

? පොල්කිරි කෝප්ප 2

? සීනි කෝප්ප 1/4

? ලුණු ස්වල්පයක් පාන්පිටි මේස හැඳි 4


සාදාගන්න ආකාරය

? කිරි මිශ්‍රණය හදාගන්න පොල්කිරි වලට සීනි හා ලුණු දාලා දියකරලා පාන්පිටි ටිකත් දාලා කැට නැති වෙනකල් විස්ක් කරගන්න.

?දැන් මේක ලිපේ තියලා පොඩ්ඩක් උකු වෙනකල් හැඳිගාන්න. මේක පැත්තකින් තියාගන්න.

? රොටිය හදන්න හාල්පිටි වලට සීනි, ලුණු දාලා කලවම් කරලා පොල් කිරෙන් අනාගන්න.

? පැය 8ක් වගේ පිපෙන්න තියලා ආප්ප තාච්චියට දාලා රොටිය හදාගන්න.

? ආප්ප වගේ කරකවන්න එපා. ඝනකමට රොටිය හදාගන්න.

? දැන් සාදාගත් රොටි ටික පොල්කිරි මිශ්‍රණයට දාලා පැයක් විතර තියලා කෑමට ගන්න. 


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW