"..ලිවින් ටුගෙදර් කන්සෙප්ට් එක හොඳයි.. කියන්නත් බැරි කටකතා හැදුනා ..එකවර දෙන්නෙක්ට ආදරේ කරලා තියෙනවා.." ගයාන් අහපු ප්‍රශ්න වලට කාවින්ද්‍යා දුන්න පුදුම හිතෙන උත්තර..(PHOTOS)

Sri Lanka Gossip Today SL Actress Gossips
By Sewvandhi Sep 23, 2022 04:46 PM GMT
Report

ඇය ප්‍රවීණ ගායිකා සමිතා මුදුන්කොටුවගේ දියණිය.. කාවින්ද්‍යා අධිකාරි.. ඔහු ප්‍රවීණ ගායක නුවන් ගුණවර්ධනගේ පුතණුවන්.. ගයාන් ගුණවර්ධන.. මේ දෙන්නම ක්ෂේත්‍රයේ මේ වන විට අතිශය ජනප්‍රිය දෙන්නෙක්. ඒ වගේම මේ දෙන්නා කාලයක් පෙම්වතුන් විදිහට හිටියා කියන කතාවක් කාටවත් රහසක් නෙවෙයි.

එහෙම වුණත්, ඒ පෙම්වත් කතාව දැන් අවසන්... හැමෝටම ආදර්ශයක් දුන්නු මේ දෙන්නා, දැන් ක්ෂේත්‍රයේ බොහෝම සමීප හිතවතුන් බවට පත්වෙලා. ඉතින් මේ මෑතක ගයාන් ඔහුගේ යූටියුබ් නාලිකාව හරහා කාවින්ද්‍යාගෙන් ප්‍රශ්න කිහිපයක් අහලා තිබුණා. මේ තියෙන්නෙ කවී ඒවාට දීපූ උත්තර..

අලුත් නිර්මාණ කරන් නැද්ද ළඟදී..? ගීතයක්..?

මොනවත් නෑ. මම හරි හිමීට ගමනක් යන කෙනෙක්. මම ටිකක් කම්මැලි වැඩ කරන්න. ඉතින් බලමු... ඉක්මණට..

ඔයා මැරීඩ්ද සිංගල් ද ? රිලේශන්ශිප්..?

ඔයා දන්නවනේ..? මම සිංගල්...

ඔයා කැමති මැරීඩ් ද කැමති? ලිවින් ටුගෙදර් ද ?

එක එක එක්කෙනා එක එක මත වල ඉඳි. නමුත් මම පෞද්ගලික ව හිතනවා ලිවින් ටුගෙදර් කන්සෙප්ට් එක හොඳයි කියලා..

ඔයා ගැන කවුරුත් නොදන්නා දේ?

මට ඉක්මනට කේන්ති යනවා. හැබැයි නිවෙනවා. වෙලාවට වැඩ කරනවා. වෙලාව ඉතින් පොඩ්ඩක් චුට්ටක් එහෙ මෙහේ වෙනවා.

ඔයාට වැදිච්ච අමුතුම කටකතාව? නැත්තම් ගොසිප් එක ?

කියන්නත් බැරි ඒවා තියෙනවා. අපි ක්ෂේත්‍රයේ ඉන්න අය විදිහට අපිට හැදෙන දේවල්නේ ඒ. අපි කසාඳ බැඳලා ළමයි හදලා මැරෙනකන්ම කතා හදයි. හැබැයි මම වැටෙන් නෑ. ගොඩක් වෙලාවට මූණ දෙන්න ඉගෙන ගත්තෙ අම්මිගෙන්. ඇයත් ක්ෂේත්‍රයට ආපු මුල් කාලේදී කටකතා හැදුණා.

ආදරය කරන කෙනෙක්ගේ උපන්දිනය අමතක වෙලා තියෙනවා ද?

මට සාමාන්‍යයෙන් ඔයාගේ උපන්දිනේ විතරයි මතක.. අනිත් ඔක්කොගෙම ඒවා මතක නෑ.

ෆෑන් කෙනෙක් එක්ක සම්බන්ධයක් තිබිලා තියෙනවද?

නෑ...

අකමැති කෙනෙක් එක්ක එකට වැඩකරන්න සිද්ධ වෙලා තියෙනවද ?

දැනට නම් නෑ. මම අකැමැති අය එහෙම නෑ. මම හැමෝමත් එක්ක හොඳින් ඉන්න කෙනෙක්.

එකවර දෙන්නෙක්ට ආදරේ කරලා තියෙනවා ද ?

ඔව්...


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now

  

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery