"..හැමෝගෙම ක්‍රෂ් එකට මම උම්මා දෙද්දී ගොඩක් අය ඉරිසියයි..සචින් අයියා ලඟට එද්දී මම වෙව්ලුවා.." - සුරූපී පුංචි නිළි යසශ්‍රී කවිහාරි..(PHOTOS)

Sri Lanka Gossip Today SL Actress Gossips
By Sewvandhi Mar 03, 2023 02:48 PM GMT
Report

මේ දිනවල ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශනය වන ජානු ටෙලිනාට්‍යයේ ජානුගේ චරිතයට පණ පොවමින් රංගන ක්ෂේත්‍රයට පිවිසි දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී නවක රංගන ශිල්පිනියක් තමයි යසශ්‍රී කවිහාරි හපුතන්ත්‍රී කියලා කියන්නේ. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇයගේ ගම මහනුවර නිසා කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයෙන් තමයි ඇය පාසල් අධ්‍යාපනය හදාරලා තියෙන්නේ. කොහොම නමුත් පාසලේදීවත් ඇය කිසිම කලා කටයුත්තකට සම්බන්ධ වෙලා නැහැ කියලයි ඇය කියන්නේ. මොකද ඇය ඉස්සර ඉදන්ම ආසාවෙන් ඉදලා තියෙන්නේ ගුවන් සේවිකාවක් වෙන්න. ඉතින් මේක ඇයට අහම්බෙන් ලැබුණු අවස්ථාවක් කියලත් ඇය කියනවා.

ඒ වගේම ඇය වෙඩින් එකකට ගිහින් ගත්ත ෆොටෝ එකක් fb එකෙන් දැකලා තමයි ඇයට සමීර හසුන් රඟපාන්න කතා කරලා තියෙන්නේ. කොහොම නමුත් ඇයට fb එකවුන්ට් එකක්වත් නැති නිසා වෙන කවුරුහරි දාලා තිබුණ එකක් දැකලා තමයිලු ඇයව කන්ටැක් කරගෙන තියෙන්නේ. ඉතින් ඇය මීට පෙර රංගනයෙන් කිසිම දෙයකට සම්බන්ධ වෙලා නැති නිසා ඇයට කතා කළ දවසේ ගොඩක් සතුටු හිතුණා කියලයි ඇය කියන්නේ.

ඒ වගේම ඇයට එකපාරටම අදහා ගන්නත් බැරි වුණා කියලත් ඇය කියනවා. ඉතින් ඊට පස්සේ ගෙදරට කිව්වම ඒ අයත් කැමති වෙලා ඇයගේ තාත්තම තමයිලු පළවෙනි දවසේ සමීරව හම්බෙන්න එක්කන් ගියේ. ඒ වගේම රංගනය ගැන ඇයට සචින් ගොඩක් දේවල් කියලා දුන්නා කියලයි ඇය කියන්නේ. ඉතින් මුල්ම දවසේ මුලින්ම ඇයට රඟපාන්න තිබ්බේ සචින් එක්ක නිසා පළවෙනි සැරේ ඇය සචින් ළඟට ගිහින් බයවෙලා වෙවුළන්න පටන් අරගෙන ආයේ පිටිපස්සට අවාලු. හැබැයි දැන් නම් ඔවුන් ගොඩක් හිතවත් නිසා ලොකු බයක් නැහැ කියලත් ඇය කියනවා.

ඒ වගේම පුංචි තිරයේ ඇයගේ පළමු පෙම්වතා තමයි සචින්. ඉතින් අදටත් ඇය රූපවාහිනී තිරයේ ඉන්නවා කියන එක සිහිනයක් වගේ කියලයි ඇය කියන්නේ. කොහොම නමුත් ඇත්ත ජීවිතේ ඇය තවම තනිකඩයි කියලත් ඇය කියනවා. ඒ වගේම ඇය ගොඩක් සංවේදී කෙනෙක් නිසා ඇයට ඕනේ ඇයට ආදරේ ගොඩක් දෙන කෙනෙක් වගේම ඇයත් එක්ක ආදරෙන් ඇයගේ දේවල්වලට සහයෝගය දෙන එහෙ මෙහෙ ගිහින් කාලා බීලා සතුටින් ඉන්න කෙනෙක්ලු.

ඒ වගේම ඇය කැමතිම නාට්‍යය පාර දිගේ කියලත් ඇය කියනවා. ඉතින් ඒකෙ ඉන්න දුශේනි මියුරංගි තමයිලු ඇය කැමතිම නිළිය. ඒ වගේම නළුවන්ගෙන් නම් ඇය කැමතිම සචින්ට කියලයි ඇය කියන්නේ. ඉතින් මේ දවස්වල හැමෝම කැමති සචින්ට නිසා ඇයත් කැමති ඔහුටලු. ඒ වගේම ඇයට ගොඩක් සතුටුයිලු ඇයගේ මුල්ම නිර්මාණයේ ඔහුත් එක්කම රඟපාන්න ලැබීම ගැන. ඉතින් ඇයගේ යාළුවො පවා දැන් ඇයට රිප්ලයි කරනවාලු හැමෝගෙම ක්‍රෂ් එකට ඔයා උම්මා දෙනවා, එහෙම නම් බැහැ කියලා.(උපුටාගැනීමක් )


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery