කටුවාපිටිය දේවස්ථානය ආසන්නයේ තිබූ බෝම්බය

Sri Lanka Police Negombo
By Sithumi Jun 16, 2022 02:24 PM GMT
Report

මීගමුව කටුවපිටිය දේවස්ථානය අසළ කුරුසගස් හන්දිය ආසන්නයේ සැකකටයුතු යමක් ඇති බවට ප්‍රදේශවාසියෙකුගෙන් ලද තොරතුරකට අනුව මීගමුව ගුවන් හමුදා නිලධාරීන් පැමිණ එම ප්‍රදේශයේ කළ සොදිසි කිරීමකදී බෝම්බයක් හමුවී තිබෙනවා.

එය චීනයේ නිෂ්පාදිත නවීන වර්ගයේ දුම් බොම්බයක් බවටයි හඳුනාගෙන ඇත්තේ. පසුව එය කඩොල්කැලේ ක්‍රිඩාංගණයේදී නිෂ්ක්‍රිය කර තිබෙනවා.

අද (16) දින උදැසන 9.00ට පමණ කුරුසගස් හන්දිය අසල ඇති වෙළදසලක ගබඩාවක් ඉදිරියේ බෝම්බයකට සමාන සැකකටයුතු යමක් ඇතිබවට ගුවන් හමුදාවට ලැබුණු තොරතුරකට අනුවයි මීගමුව පොලිසිය සහ ගුවන් හමුදාව විසින් එම ස්ථානයට පැමිණ මාර්ගය තාවකාලිකව වසා පරීක්ෂණ ආරම්භ කරනු ලැබුවේ.

පස්වරු 1.30ට පමණ විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රිය අංශයේ නිලධාරීන් විසින් මිගමුව කඩොල් කැලේ ක්‍රීඩාංගණය වෙත රැගෙන විත් වැඩිදුර පරීක්ෂණ සිදුකර දුම් බෝම්බය නිෂ්ක්‍රිය කරණු ලැබුවා. නිෂ්ක්‍රිය කල දුම් බෝම්බයේ කොටස් සමග මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර මිගමුව පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනවා.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now