පොලිස් වෙඩි පහරින් මිය ගිය පුතුගේ මව සංවේදීව නැගූ විලාපය - අරගලයට එක් වූ මව කියන කතාව..(VIDEO)

Galle Face Protest Sri Lanka Labour Party Sri Lankan protests Sri Lanka Economic Crisis
By Sewvandhi Jun 03, 2022 11:00 AM GMT
Report

පුද්ගලික ආයතන සේවකයින්ගේ විශ්‍රාම වැටුප් පනත් කෙටුම්පතට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් අතරතුර පොලිස් වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්වූ කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවකයෙකු වූ රොෂේන් චානකගේ මව ගාලු මුවදොර අරගල භූමියට එක්විය.

එහිදී අරගලභූමියේ තැනූ වේදිකාවක සිට අරගලකරුවන් ඇමතූ රොෂේන් චානකගේ මව ප්‍රකාශ කළේ කම්කරුවන් වෙනුවෙන් තම ජීවිතය පූජා කළ ඔහුට තවමත් සාධාරණය ඉටු වී නොමැති බවය.

එහිදී අදහස් දැක්වූ රොෂේන් චානකගේ මව

"මගෙන් ඇහුවා වාර්තාව ඕනද කියලා. පිටුවයි දෙකයි කිව්වා තියෙන්නේ. කොහොමහරි තොරතුරු දැනගැනීමේ පනත මගින් අපිට ලබාගන්න හම්බවුණා පුතාගේ වාර්තාව. ඒ වුනත් නඩුව යනවා තාමත් අවුරුදු 11ක් තිස්සේ මීගමුවේ මහාධිකරණයේ. තවත් නැහැ ඒකට විසඳුමක්. සාධාරණය ඉෂ්ඨවෙලා නෑ.

මගේ දරුවා වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ඨ කරන්න කියල මම ඉල්ලනවා. එකළ පොලිස්පතිට දඬුවම විදියට හම්බවුණේ බ්‍රසීලයේ තානාපතිකම. ඒක තමයි හොඳම වැඩේ. මගේ පුතා කම්කරුවන් වෙනුවෙන් ජීවිතය පූජා කරලා. ඒ අයගේ අර්ථසාධකය ඉතුරු කරලා දීලා තියෙනවා. මගේ පුතා වීරයෙක් කියලා මම මේ වෙලාවේ කියනවා."

(වීඩියෝ අයිතිය - අද දෙරණ)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now