පැමිණිල්ලක් කිරීමට ගිය පොලීසිය ඇතුලේ ගුටිබැට හුවමාරුවක්..

Sri Lanka Police Kandy Sri Lanka
By Sewvandhi Sep 18, 2022 10:44 AM GMT
Report

දෙපිරිසක් අතර ඇති වූ ආරාවුලකදි පහර කෑමකට ලක් වූ බව කියන පුද්ගලයෙකු පොලීසියට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් සිටියදී එම ස්ථානයට තවත් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා පැමිණ සිටි අනෙක් පාර්ශවයේ පුද්ගලයෙකුට පැමිණිලිකරුගේ පුත්‍රයෙකු විසින් පොලීසිය තුලදීම පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

කටුගස්තොට පොලිස් බල ප්‍ර දේශයට අයත් ගම්මානයක දෙපිරිසක් අතර ඇති වූ ආරාවුලක් දුර දිගගොස් පහර දී ගැනීම දක්වා වර්ධනය වී තිබිණ. මෙසේ පහර කෑමට ලක්වූ එක් පුද්ගලයෙකු තුවාල ද සමඟ කටුගස්තොට පොලිසියට දිව ගියේ පැමිණිල්ලක් ඉදිරිපත් කිරිම සඳහායි.

එම අවස්ථාවේ ඔහුගේ පුතාද ඔහු සමඟ පැමිණ සිටි අතර අනෙක් පාර්ශවයේ පුද්ගලයෙකුද පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා පැමිණ සිටියේය. මේ අවස්ථාවේදී මුල් පැමිණිලිකරුගේ පුතා අනෙක් පාර්ශවයේ පුද්ගලයා දැක කෝපයට පත්ව පොලීසිය තුලදීම ඔහුට පහර දී තිබේ.

එම අවස්ථාවේදී පොලීස් නිලධාරින් ඉදිරිපත් වී ඔහු නවතා අත් අඩංගුවට ගනු ලැබ ඇති අතර පසුව මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය. සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය පරීක්ෂණ පවත්වයි.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW