ලෝක කුසලානය නිසා මියගිය 6000 ගැන කටාරය පිළිතුරු දෙයි..!

Accident
By Sewvandhi Nov 21, 2022 04:01 PM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

මෙවර පැවැත්වෙන පා පන්දු ලෝක කුසලාන තරඟාවලියේ සත්කාරකත්වය දරන කටාර් රාජ්‍යය වඩාත් ම කතා බහට ලක් වූ සහ මතභේදයට තුඩු දුන් රට ලෙස ඉතිහාසයට එක්වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දකුණු කොරියාව, ජපානය, ඔස්ට්‍රේලියාව සහ අමෙරිකා එක්සත් ජනපදයේ ලංසු අභිබවා කාටාර්, තරගාවලියේ සත්කාරකත්වය ලබා ගැනීමට සමත් වූ අතර මෙම ක්‍රියාවලිය තුළ පුළුල්ව එරටට දූෂණ චෝදනා එල්ල වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කටාර් රාජ්‍ය එම චෝදනා සියල්ලම ප්‍රතික්ෂේප කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්ථ කරන්නේ. 2021 පෙබරවාරි මාසයේදී ගාඩියන් පුවත්පත වාර්තා කර තිබුණේ, ලෝක කුසලාන ලංසුව දිනාගත් දා සිට කටාර්හිදී ඊට සම්බන්ධ වී සිටි ඉන්දියාව, පකිස්ථානය, නේපාලය, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව යන රටවල සංක්‍රමණික කම්කරුවන් 6,500ක් මිය ගොස් ඇති බවයි.

එම සංඛ්‍යාව කටාර්හි පිහිටි එම රටවල තානාපති කාර්යාල විසින් සපයන ලද සංඛ්‍යා ලේඛන මත පදනම් නිකුත් කරන ලද ඒවා බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ. කෙසේ වෙතත්, කටාර් රජය ප්‍රකාශ කළේ එම සංඛ්‍යාව නොමග යවන සුළු බව ත් වාර්තා වී ඇති සියලු ම මරණ ලෝක කුසලානයට අදාළ ව්‍යාපෘතිවල සේවය කරන පුද්ගලයින් නොවන බවත්ය.

2014 සහ 2020 අතර ලෝක කුසලාන ක්‍රීඩාංගණ ඉදිකිරීම් ස්ථානවල කම්කරු මරණ 37 ක් සිදුව ඇති බව එහි අනතුරු වාර්තා පෙන්වා දෙන අතර ඉන් තුනක් පමණක් “වැඩ සම්බන්ධ” ඒවා බව එරට රජය ප්‍රකාශ කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now