මුරකරුට පහරදුන් විදුහල්පතිට සිදුවූ දේ..
Sri Lanka Police
Sri Lanka
By Sewvandhi
ගල්කිස්සේ ප්‍රසිද්ධ පාසලක, හොරණ, මීවනපලාන ප්‍රදේශයේ පදිංචි කසුන් දුලන්ජන නදීර නැමති 28 හැවිරිදි මුරකරුවෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම විද්‍යාලයේ විදුහල්පතිවරයා ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
එම තරුණයා මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකර ලබමින් සිටී.
විදුහල්පතිවරයා පාසල තුළ මත්පැන් පානය කිරීමෙන් පසු මෙම පහරදීම සිදුකළ බවයි, තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයේ පසුවන මුරකරු පවසන්නේ.
අදාළ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර විදුහල්පතිවරයාගෙන් ඇතුළු පුද්ගලයන් පස් දෙනෙකුගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂි සහ CCTV දර්ශන තිබේ දැයි සොයා බැලීම සඳහා අපරාධ අංශ නිලධාරීන් යොමු කළ බව ගල්කිස්ස පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.