රුවන්වැලිසෑ ගැටුමට අදාළව බලංගොඩ කස්සප හිමි ඇතුළු 11කට ඇප

Law and Order Latest Headlines Sinhala news Puwath.lk Ven. Balangoda Kassapa Thero
By R.rishma Nov 26, 2026 06:24 AM GMT
Report

රුවන්වැලි මහා සෑ පරිශ්‍රයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පුද්ගලයින් 11 දෙනෙකු ඇප මත මුදාහැරීමට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය අද (26) නියෝග කර තිබේ.

ඒ අනුව, අද දිනයේදී පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු සැකකරුවන් 11 දෙනා අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල අධිකරණ නියෝග නොතකමින් මාරාන්තික උපවාසයක නිරතව සිටියදී ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර, අනතුරුව අද (26) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබිණි.

පසුගිය නොවැම්බර් 12 වැනිදා පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.