කස කසා ඇට වල සැඟවුණු ගුණ - අගුණ.

Healthy Food Recipes
By Wayomi Jul 12, 2022 07:25 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

හින්දි භාෂාවෙන් කුෂ් කුෂ් ලෙස හඳුන්වන, සරුවත්, පුඩින් වගේ දේවල් ලස්සනට සරසා ගන්න කස කසා ඇට නිකන්ම නිකන් සැරසිල්ලක් විතරක්ම නෙවෙයි. ඇත්තටම ඔබ නොදන්නා ගුණ රැසක සැඟවිලා තියෙන වටිනා ඖෂධයක්.

කස කසා ඇටවල ඖෂධීය ගුණ

📍 මානසික ආතතිය දුරු කරයි.

📍 කාන්තාවන්ගේ සරුභාවය වර්ධනය කර ප්‍රජනන පද්ධතිය නිරෝගිමත් කරයි.

📍 ආහාර ජීර්ණය පහසු කරයි.

📍 අස්ථි රෝග සුව කරයි.

📍 තුවාල වලට ගුණදායකයි.

📍 පිළිකා සෛල ඇතිවීම වළකාලයි.

📍 දියවැඩියා තත්ත්වය පාලනය කරයි.

📍 ශරීරයේ බර පාලනය කරයි.

📍 රක්තහීනතාවය සඳහා.

📍 අර්ශස් රෝගීන් සඳහා.

📍 පුරුෂ ශක්තිය වර්ධනය සඳහා.

📍 හිසකෙස් වලට ගුණයි.

📍 චර්ම ප්‍රතිකාර වලට ගුණයි. 

📍 සම පැහැපත් වීම.

📍 සමේ තෙතමනය රැකීම.

📍 තයිරොයිඩ් ග්‍රන්ථියේ ඉදිමීම සඳහා ආදී වශයෙන් ලෙඩ රෝග රැසකට කස කසා ඇට යෝග්‍ය වෙනවා. 


අඩංගු පෝෂ්‍ය පදාර්ථ

📍 යකඩ, කැල්සියම් සහ මැග්නීසියම්

📍 ප්‍රතිඔක්සිකාරක, ප්‍රති ආසාත්මිකතා , ප්‍රතිබැක්ටීරීය සහ ප්‍රති-පිළිකා ප්‍රතිලාභ ලබා දිය හැකි ෆ්ලේවනොයිඩ් ඇතුළු ශාක සංයෝගවලින් පොහොසත්.

📍 ඔමෙගා 3  


භාවිතා කරන ආකාරය

📍 කස කසා ඇට මේස හැදි දෙකක් පමණ වතුර වීදුරුවකට දමා පැයක් පමණ පෙඟෙන්නට තියලා බොන්න. ඒ වගේම රැයක් එලෙස පෙගෙන්න තියලා උදේ හිස්බඩ බොන්න.

📍 නමුත් හැමදාම ඕනවට වඩා කස කසා ඇට භාවිතා කරන්න එප. මොකද කස කසා ඇට අධි මාත්‍රාවක් ලබා ගැනීම ශරීරයට අහිතකරයි.

😔වැඩියෙන් භාවිතා කිරීමෙන් ශරීරයේ අහාර ජීරණ සම්බන්දව ගැටලු එන්න පුළුවන්.

😔ලේ කැටි ගැසීමේ ගැටලු එන්න පුළුවන්.

😔 BMI අගය අඩු අයට සුදුසු නැහැ.

😔 ඒ වගේම කුඩා දරුවන්ට, කිරි දෙන මව්වරුන්ට සහ ගර්භනී මව්වරුන්ට මෙම කස කසා ඇට වැඩි වශයෙන් ලබා ගැනීම එතරම් ගුණදායක නැහැ.  


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW