මීයන් ලෙස පුනරුත්පත්තිය ලැබූ කර්නිමාතාගේ බැතිමතුන්. (PHOTOS)
ඉන්දියාවේ රාජස්ථානයේ පිහිටි මීයන්ගේ දේවාලය ගැනයි මේ කියන්න යන්නේ.
? මීයන්ගේ දේවාලය ලෙස හඳුන්වන කර්නිමාතා නම් මෙම සුප්‍රසිද්ධ දේවාලය ඉන්දියාවේ රාජස්ථානයේ තාර් කාන්තාරයේ තරමක් මැදට වෙන්නට පිහිටා තිබෙනවා.
? එරට හින්ඳු භක්තිකයන් විසින් ශුද්ධ යැයි දැඩිව විශ්වාස කරන, මීයන් දහස් ගණනක් එහි වාසය කරන බැවින් මෙම දේවාලය මීයන්ගේ දේවාලය ලෙසද හඳුන්වනවා.
? වසර 1400 කට පමණ ප්‍රථම මෙම ප්‍රදේශයේ විසූ කර්නිමාතා නම් දෙවඟනක් විසින් මෙම කළාපයේ වාසය කළ, ඇයගේ බැතිමතුන් වූ සියළුම පිරිමින්හට අනාගතයේදී මෙම දේව මාළිගාවේ මීයන් ලෙස පුනරුත්පත්තිය ලබා දෙන බවට පොරොන්දු වූ බව කියවෙන පුරාවෘත්තයක් මෙම දේවස්ථානය වඩාත් මිනිසුන් අතර ජනප්‍රිය වීමට බලපා ඇති බව සඳහන්.
? ඉතා අලංකාර අන්දමින් නිමවා තිබෙන මෙම දේවාල සංකීර්ණයේ බොහෝ තැන් කිරිගරුඬ පුවරු සහ ඝන රිදී කැටයම් වලින් සමන්විතයි.
? ඒ වාගේම මෙම දේවාල සංකීර්ණය 1900 ගණන්වල මුල් භාගයේදී වැඩි දියුණු කර ඉදිකරන ලද්දේ කර්නි මාතා දෙවඟනගේ ආශිර්වාදය සහිතව මෙහි මීයන් ලෙස පුනරුත්පත්තිය ලැබූ එම බැතිමතුන්ට ගෞරව කිරීම සඳහා බවද සඳහන්.
? මෙම දේවාල සංකීර්ණයේ වාසය කරන සම්පූර්ණ මීයන් සංඛ්‍යාව 20,000 ක් පමණ විය හැකි බවටද විශ්වාස කෙරෙන අතර මෙහි සිටින සියළුම මීයන් මෙහි එන බැතිමතුන් සමඟ සමීපව ගැවසීම මෙහි ඇති විශේෂත්වයයි.
? මෙම දේව මාළිගාවේ ගැවසෙන දහස් ගණන් මීයන් අතරින්, විශේෂයෙන්ම ශුද්ධ යැයි සැලකෙන සුදු මීයන් කිහිපදෙනෙක්ද ඉතා කලාතුරකින් දක්නට ලැබෙන අතර එම සුදු මීයන් කර්නිමාතා දෙවඟනගේ පුතුන් සිව්දෙනාගෙන් පැවත එන්නන් ලෙස බැතිමතුන් විශ්වාස කරනවා.
? විශේෂයෙන්ම නිතර දකින්නට නොලැබෙන මෙම සුදු මීයන් දැකීම විශේෂ ආශිර්වාදයක් ලෙස සළකන බැතිමතුන් එම මීයන් කෙසේ හෝ දැකගැනීමට විශාල උත්සාහයක් දරණු ලබනවා වගේම ඔවුන්ගේ ප්‍රසාදය තවදුරටත් ලබාගැනීමට මිහිරි ශුද්ධ ආහාරයන්ද ඔවුන්ට විශේෂයෙන් පිරිණමනු ලබනවා.
? ඒ වගේම බැතිමතුන් විසින් මෙම මීයන් වෙනුවෙන් ගෙන එන විවිධ ආහාර, කිරි වලට අමතරව මෙම මීයන් දිනපතාම පෝෂණය කරනු ලබන්නේ මෙම ප්‍රදේශයේ මහත් ප්‍රසිද්ධියක් උසුළන 'දෙපාවත්' නම් ධනවත් පවුලේ සාමාජිකයන් විසින්.
- ධම්මික සමරතුංග - https://www.udaipurblog.com/karni-mata-temple-legend-and-history.html




