මහනුවර ජලයෙන් යටවීම පිටුපස තිබෙන කාරණයක් ගැන නගරාධිපතිගෙන් ප්‍රකාශයක්

Kandy
By Sithumi Dec 26, 2022 06:12 PM GMT
Report

 පැවති අධික වර්ෂාවත් සමඟ මහනුවර නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට වීමට හේතුව අනවසර ඉදි කිරීම් බව මහනුවර නගරාධිපති කේසර සේනානායක පවසනවා.  

ඉදිරියේදී එම අනවසර ඉදි කිරීම් කඩිනමින් ඉවත් කිරීමට පියවර ගන්නා බවයි අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් නගරාධිපතිවරයා සඳහන් කළේ.  

පළාත් අධ්‍යාපන කාර්යාලය සහ කාර්මික විද්‍යාලය ජලයෙන් යටවීම හේතුවෙන් එම ආයතන වල තිබූ පෞද්ගලික ලිපිගොනු රැසක් විනාශ වී ඇති බව මෙම මාධ්‍ය හමුවට එක් වෙමින් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ද ප්‍රකාශ කළා.