අවසන් රන්දෝලි පෙරහැර ගමන් ගන්නා මාර්ග සිතියම මෙන්න..

By Sewvandhi Aug 30, 2023 11:04 AM GMT
Report

අද (30) මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර වීථී සංචාරය කිරීමට නියමිතයි.

ඒ අනුව පොලීසිය විසින් මහනුවර නගරය කේන්ද්‍ර කරගත් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව දන්වා තිබේ.

අවසන් රන්දෝලි පෙරහැර අද (30) රාත්‍රී 07.03ට දළදා වීථිය, යටිනුවර වීථිය, කන්දෙ වීථිය, ඩී. එස් සේනානායක විථිය ඔස්සේ පැමිණ රජ වීථියෙන් ඉහළට ගමන් කර මාළිගාවට ගෙවැදීමට නියමිතයි.

එම කාලය තුළ පහත රථ වාහන සැලැස්ම හා වික්ලප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ජනතාවට දැනුම්දෙයි.

Gallery