වහාම ක්‍රියාත්මක පරිදි ප්‍රධානතම මුලස්ථාන පොලීසියක සේවය මගහැරී පොලිස් නිලධාරීන් 40ට දුන් දඩුවම - තිදෙනෙකු පමණක් ඉතිරි වෙයි..!

Sri Lanka Police Kandy Sri Lanka
By Sewvandhi Sep 29, 2022 03:42 AM GMT
Report

මහනුවර මුලස්ථාන පොලීසියේ නිලධාරීන් තිදෙනෙකු හැර සෙසු සියලුදෙනා මාරු කර ඇති බව වාර්තා වේ. පොලීසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා හා අධිකරණ කටයුතුවලට සම්බන්ධවන සැරයන්වරු දෙදෙනෙකු හැර සෙසු සියලු නිලධාරීන්ට එලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනත් පොලිස් ස්ථාන හා ඒකක වෙත මාරු කර තිබේ. මහනුවර කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් එම තීරණය ගෙන ඇති බව ද වාර්තා වේ.

අපේක්ෂිත මහජන සේවය මහනුවර විවිධ පැමිණිලි අංශයෙන් නොලැබෙන බවට ලද පැමිණිලි මත අදාළ තීරණය ගෙන තිබේ. මාරුවීම් සිදුකර ඇති පොලිස් නිලධාරීන් 40ක පමණ පිරිසක් අතරින් පොලිස් පරීක්ෂකවරයෙකු හා උප පොලිස් පරීක්ෂකවරු 5 දෙනෙකු සිටින බව වාර්තා වේ.

විවිධ පැමිණි අංශයේ ස්ථානාධිපතිවරයා මෑතක සිට එම අංශයට පැමිණ තිබෙන අතර, එය සැලකිල්ලට ගනිමින් ඔහුට මාරු වීමක් ලබාදී නොමැත. අධිකරණ කටයුතුවලට සම්බන්ධ වන සෙසු නිලධාරීන් දෙදෙනා මාරු කිරීමේ රාජකාරි කටයුතු සඳහා බාධා ඇති වෙන බැවින් ඔවුන් දෙදෙනාව තාවකාලිකව විවිධ පැමිණි අංශයේ ම සේවයට යොදවා ඇතැයි ද වාර්තා වේ.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now