එල් පී එල් දෙවන තරගයේ ජය කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට..

Kandy Cricket Sri Lanka Cricket Sri Lanka
By Sithumi Dec 06, 2022 05:41 PM GMT
Report

2022 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයේ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම පරාජයට පත්කරමින් ලකුණු 109ක පහසු ජයක් හිමි කරගැනීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම අද සමත් වුණා. 

 පාන්දුවාර 14යි පන්දු 03ක් අවසානයේ සියල්ලන් දැවී කලම්බු ස්ටාර්ස් කණ්ඩායමට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 90ක් පමණයි. තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩායම සමත්වූ අතර පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව කැන්ඩි ෆැල්කන්ස් වෙත ලබාදීමට ඔවුන් තීරණය කළා. 

 ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දවී ලකුණු 199ක් රැස්කළ අතර ඒහිදී කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩකළ ඇන්ඩ්‍රේ ෆ්ලෙචර් නොදැවී ලකුණු 102ක් රැස් කළා. 

 පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි කලම්බු ස්ටාර්ස් කණ්ඩායමට පන්දුවාර 14යි පන්දු 3කදී සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 90ක් පමණයි. එහිදී කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග පන්දුවාර 3කදී ලකුණු 14කට කඩුලු 4ක් දවාගැනීමට සමත්වුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now