QR කේතයට ලියාපදිංචි වීමේ දී, පද්ධති අලුත්වැඩියාවක් සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයාගෙන් ට්විටර් නිවේදනයක්..
Kanchana Wijesekera
Sri Lanka Fuel Crisis
National Fuel Pass
By krishani
QR කේතය සඳහා ලියාපදිංචි වීමට හෙට(07) දින පස්වරුව තෙක් අවස්ථාව හිමි නොවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසුවේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කලින් සැලසුම් කළ පද්ධති අලුත්වැඩියාවක් හේතුවෙන් ඊයේ(05) පස්වරුවේ සිට පැය 48ක කාලයක් QR කේතය සඳහා ලියාපදිංචි අවස්ථාව හිමිනොවන බවයි.
කෙසේ වෙතත් මේ වනවිටත් QR කේතය සඳහා ලියාපදිංචි වී ඇති පාරිභෝගිතයන් සඳහා එම පද්ධති අලුත්වැඩියාව කිසිදු බලපෑමක් සිදු නොකරන බව එම ට්ටිටර් පණිවුඩයේ සඳහන් ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |