ඛනිජ තෙල් ආනයනය සහ බෙදාහැරීම සම්බන්ධයෙන් ලියාපදිංචි වූ සමාගම් සම්බන්ධයෙන් ගත් තීරණයක්..
Kanchana Wijesekera
Sri Lanka Fuel Crisis
National Fuel Pass
By krishani
ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, බෙදාහැරීම සහ අලෙවි කිරීම සඳහා ලියාපදිංචි වූ සමාගම් ඇගයීම සඳහා ඊයේ (05) දින කමිටුවක් පත් කර තිබෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.
පසුගියදා ඛනිජ තෙල් නිෂ්පාදනය කරන රටවල සමාගම්වලට ඉන්ධන ආනයන සහ සිල්ලර වෙළෙඳපොළ විවෘත කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි විය.
ඒ අනුව විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරමින් තෝරාගනු ලබන තෙල් සමාගම් සමඟ දිගු කාලීනව ගිවිසුම් ගත වී ශ්‍රි ලංකාව සඳහා ඉන්ධන ආනයනය, බෙදාහැරීම හා අලෙවිකිරීමට අදාළ සමාගම් වෙත අවස්ථාව ලබාදීමට බලශක්ති අමාත්‍යාංශය කටයුතු කරනු ලැබුවේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |