දැනට පවතින ඉන්ධන සංචිතය පිළිබඳව විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාගෙන් විශේෂ නිවේදනයක්.. (PHOTO)
Sri Lanka
Kanchana Wijesekera
By krishani
ලංකාවේ මේ වනවිට පවතින ඉන්ධන සංචිතය ගැන විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ට්විටර් සටහනක් තබා ඇත.
ඒ අනුව දැනට රට තුළ ඩීසල් තොග මෙට්‍රික් ටොන් 17,077ක් ද, සුපිරි ඩීසල් මෙට්‍රික් ටොන් 1,072ක් පවතින බවත් පෙට්‍රල් 92 වර්ගයෙන් මෙට්‍රික් ටොන් 37,391ක් ද, පෙට්‍රල් 95 වර්ගයෙන් මෙට්‍රික් ටොන් 6,142ක් සහ 'ජෙට් ඒ 1' මෙට්‍රික් ටොන් 2,437ක් ඇති බව ඔහු සදහන් කරයි.
හෙට(29) දිනයේ දී තවත් ඩීසල් නෞකාවක් මෙරටට පැමිණීමට නියමිත බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
