බලපෑම් වැඩි වුණොත් ඉන්ධන බෙදාහැරීම අත්හිටුවනවා - බලශක්ති අමාත්‍යවරයා හදිසියේම ගත් තීරණය..

Sri Lanka Kanchana Wijesekera
By krishani May 21, 2022 06:57 AM GMT
Report

ඉන්ධන ප්‍රවාහන බවුසර් රථවලට ජනතාව විසින් සිදුකරන බලපෑම් අඛණ්ඩව පැවතියහොත් බෙදාහැරීම් කටයුතු අත්හිටුවීමට සිදුවන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඒ ඉන්ධන බෙදාහැරීමේ බවුසර් රථ ඇනවුමට අදාළ නොවන ඉන්ධන ද පිරවුම්හල් වෙත ගොඩබාන ලෙස ජනතාව විසින් බලපෑම් සිදුකරන අතර ගොඩබෑම සිදු නොකරන්නේ නම් බවුසර් රථ සඳහා ගිනිතබන බවට ද ජනතාව විසින් තර්ජනය කිරිමේ සිදුවීම් වාර්තා වන බව කංචන විජේසේකර අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තියෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join