ඇමති කාංචනගේ නිවසට හදිසියේම විශේෂ ආරක්ෂාවක් යොදවයි.

Sri Lanka Police Sri Lanka Politician Sri Lanka Sri Lanka Police Investigation Kanchana Wijesekera
By krishani Aug 06, 2023 02:45 PM GMT
Report

ඊයේ (05) උදෑසන සිට විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ මාතර කොටුවේ පිහිටි නිවසට හා ඒ අවට ප්‍රදේශයට විශේෂ ආරක්ෂාවක් සපයා තිබෙනවා.

ඒ ගොවීන් පිරිසක් විසින් වගාවන්ට අවශ්‍ය ජලය නිදහස් කර දෙන්නැයි ඉල්ලා මාතරට ඒමට ඉඩ ඇති බව කියා ලැබුණු තොරතුරකට අනුවයි.

ඒ අනුව අමාත්‍යවරයාගේ නිවස දෙසට ප්‍රවේශ වීමට ඇති සියලුම මාර්ගවල පොලිස් මාර්ග බාධක යොදා තිබෙන ආකාරය දැකගත හැකිය.

හම්බන්තොට දෙසින් මාතරට ඇතුළු වීමට ඇති මාතර වැල්ල මඩම හා කොලඹ දෙස සිට මාතරට ඇතුළු වීමට ඇති කඹුරුගමුව ආසන්නයේ ද විශේෂ පොලිස් මාර්ග බාධක දෙකක් යොදවා ඇත.

එමෙන්ම මාතර කොටු පවුර දොර කඩින් ඇතුළු වන සැක කටයුතු පුද්ගලයින් හා කණ්ඩායම් පරික්ෂා කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

මේ සඳහා පොලිස් නිලධාරීන් 25 කට ආසන්න පිරිසක් එම රාජකාරිවල යොදවා තිබෙන බව වාර්තා වේ.

කෙසේ වෙතත්, මේ දිනවල නියගය පවතින දිස්ත්‍රික්ක වල ගොවීන් ජලය ඉල්ලා අමාත්‍යවරයාට බැණ වදින ආකාරය දැකගන්නට පුළුවන.

එම සියලු තත්වයන් සැලකිල්ලට ගෙන මෙම විශේෂ ආරක්ෂාව ලබා දී ඇති බව වාර්තා වේ.