ඩීසල් මිල ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

Minister of Energy and Power Kanchana Wijesekera Sri Lanka Fuel Crisis Petrol diesel price
By Sewvandhi Oct 03, 2022 01:31 PM GMT
Report

ඩීසල් හරහා රුපියලක පමණ ලාභයක් පැවතියද මිල පහත දැමීමට එය ප්‍රමාණවත් නොවන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. පෙට්‍රල් මිල පහළ දැමුවද ඩීසල් මිල පහළ නොදැමීම පිළිබඳව හේතු දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා.

"ලෝක වෙළෙඳපොළේ තිබෙන සිංගප්පූරු ෆ්ලැට් ඇවරේජ් එක ගන්නේ සහ ආනයනික මිල ඩීසල් සඳහා රුපියලක පමණ දැන් අපිට ලාභයක් තියෙනවා. නමුත් අපිට රුපියල් 10කින් 15කින් අඩු කරන්න බැහැ. මොකද එහෙම අඩු කළොත් එහෙම, අපිට ඊළඟ අවශ්‍යතා වෙනුවෙන් ඉන්ධන ටික ගන්න මුදල් ටික නැති නිසා. එතකොට අපිට පෙට්‍රල් වල මිල අඩු කරන්න පුළුවන් වුණේ, පෙට්‍රල් වල රුපියල් 70ක විතර ලාභයක් තිබුණා පසුගිය කාලයේ පෙට්‍රල් ආනයනය කිරීම තුළින්. නමුත් බොරතෙල් මිල මත පමණක්ම ඉන්ධන මිල තීරණය කරන්න බැහැ මොකද අපේ සම්පූර්ණ අවශ්‍යතාවය අපේ පිරිපහදුවෙන් අපි පිරිමහ ගන්නේ නැති නිසා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now