ඉන්ධන ගැන බලශක්ති අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්..

Fuel Price In Sri Lanka Kanchana Wijesekera Sri Lanka Fuel Crisis National Fuel Pass
By krishani Sep 16, 2022 07:11 AM GMT
Report

නෞකා දෙකකින් රැගෙන ආ ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37,000ක් සහ සහ බොරතෙල් මෙට්‍රික් ටොන් 100,000ක් ගොඩබෑමේ කටයුතු අද (16) ආරම්භ කළ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

එමෙන්ම ඊට අමතරව ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක තොගයක්ද ගොඩබෑම් කටයුතු දින 02කට පෙර ආරම්භ කර ඇති අතර එම කටයුතු හෙට (17) උදෑසන විට අවසන් කිරීමට නියමිතය.

එමෙන්ම තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් සඳහා ගෙවීම් කටයුතු සිදුකිරීමෙන් අනතුරුව එහි ගොඩබෑම් කරයුතු සිදුකිරීමට නියමිත බව කංචන විජේසේකර අමාත්‍යවරයා පැවසීය.