පෝලිම් වල ඉන්න එපා..! නැවත ඉන්ධන තොග ලැබෙන දිනය ගැන බලශක්ති ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක් ..!
Fuel Price In Sri Lanka
Sri Lanka
Kanchana Wijesekera
Sri Lanka Fuel Crisis
By Sewvandhi
ඉන්ධන සඳහා ඉහළ ඉල්ලුමක් ඇති නොකරන ලෙසත් අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් සඳහා පෙට්‍රල් ලබා ගැනීමෙන් වළකින ලෙසත් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
ත්‍රිරෝද රථ රියදුරන් ඇතුළු ඉන්ධන මත යැපෙන අත්‍යාවශ්‍ය සේවාවල නිරත වන වෛද්‍යවරුන් සහ අනෙකුත් අත්‍යාවශ්‍ය සේවකයන් සඳහා ප්‍රමුඛතා පදනම මත ඉන්ධන නිකුත් කරන බව අමාත්‍යවරයා දැනුවත් කිරීමේ හමුවකදී ප්‍රකාශ කළේය.
මීළඟ පෙට්‍රල් තොගය ජූනි 23 වැනිදා දිවයිනට පැමිණෙනු ඇති බවද ඔහු සඳහන් කළේය. කෙසේ වෙතත්, අවශ්‍ය තරම් ඩීසල් තොග රට තුළ පවතින බැවින් දැන් ඒ සඳහා වැඩි ඉල්ලුමක් ඇති නොවන බවත්, කෙසේ වෙතත්, ඩීසල් අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත් අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |