මම පුංචි කාලේ ඉදන්ම හීන දැක්කේ පශු වෛද්‍යවරයෙක් වෙන්න, නමුත් දෛවය මාව ගායිකාවක් කළා-කාංචනා අනුරාධි (PHOTOS )

Sri Lanka Gossip Today
By Sithumi Mar 16, 2023 04:51 PM GMT
Report

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන නව පරපුර නියෝජනය කරන ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර ගායන ශිල්පිනියක් තමයි කාංචනා අනුරාධි කියලා කියන්නේ.

ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඇය ‘කරකාර බඳින්නට’ ගීතය ප්‍රතිනිර්මාණයක් විදිහට ගායනා කළේ එහි මුල් ගායන ශිල්පියා වෙන ප්‍රවීණ ගායන ශිල්පී උපාලි කන්නන්ගර මහතාගේ පවුලේ අයගේ ආරාධනාවකට කියලයි ඇය කියන්නේ.

ඒ ‘නාද’ සංගීත කණ්ඩායමේ අලුත් සංගීත සංයෝජනයකට. ඉතින් එතැනදි ගීතයට නොහිතපු ප්‍රතිචාර ලැබුණා කියලත් ඇය කියනවා

ඒ වගේම ඇය ‘කරකාර බඳින්නට’ ගීතයට කලින් අකීකරු පෙම් කතාවක්, කාලි, සීමා, උඳුරාවී කියන ගීත කරලා තිබුණත් කරකාර බඳින්නට ගීතයෙන් පස්සේ කරපු දැනෙනා තුරු මා, නාදෙන්, නොලියමි වගේම ආලේ මල් කියන හැම ගීතයක්ම මිනිස්සු හරිම ආදරෙන් වැලඳගත්තා කියලයි ඇය කියන්නේ.

ඒ වගේම ඇය උසස් පෙළ ශිෂ්‍යාවක් වෙලා ඉන්නකොට විවෘත අංශයෙන් 2016 වසරේ රාජ්‍ය සම්මාන උළෙලේ වසරේ ප්‍රශස්තම සාම්ප්‍රදායික ජන ගායිකාවට හිමි සම්මානය දිනාගන්න ඇයට අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් ඇත්තටම ඒක කවදාවත් අමතක වෙන්නේ නෑ කියලත් ඇය කියනවා.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery