ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න මියන්මාරයේ අගමැති හමුවූ මොහොත.(PHOTOS)
ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මියන්මාරයේ රාජ්‍ය පරිපාලන කවුන්සිලයේ සභාපති සහ අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ජෙනරාල් Min Aung Hlaing මැතිතුමා ජූලි 26 දින එරට අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමුවිය.
ආරක්‍ෂක ලේකම්වරයා බිම්ස්ටෙක් ජාතික ආරක්‍ෂක ප්‍රධානීන්ගේ 4 වැනි සමුළුවට සහභාගි වී සිටින අතරතුර මියන්මාරයේ අගමැතිතුමා හමුවිය.
රාජ්‍ය පරිපාලන කවුන්සිලයේ කාර්යාලය වෙත පැමිණි අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ ජෙනරාල් Min Aung Hlaing මැතිතුමා විසින් ජෙනරල් කමල් ගුණරත්න ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
මෙම හමුවේදී මියන්මාරය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍ර සබඳතා, රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මෙන්ම ආගමික කටයුතුවලදී ද්විපාර්ශ්වික වශයෙන් පවත්වනු ලබන සහයෝගීතාව පිළිබඳව දෙපාර්ශවයේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් ඉතා සුහදව සාකච්ඡා කළහ.
එමෙන්ම දෙරට අතර පුහුණු අවස්ථාවන් හුවමාරු කර ගැනීම සහ අන්තර් සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම ආදී මාතෘකාවන් පිළිබඳව ද සුවිශේෂී අවධානයක් යොමු විය.
එමෙන්ම මියන්මාර රජය විසින් මෙවර බිම්ස්ටෙක් සාමාජික රටවල ජාතික ආරක්‍ෂක ප්‍රධානීන්ගේ සිව්වන රැස්වීම සංවිධානය කිරීම සහ අනෙකුත් සාමාජික රටවල් එම සමුළුවට සක්‍රීයව සහභාගී වීම පිළිබඳව මෙන්ම දෙරටේ ආර්ථික සංවර්ධනයේ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම පිළිබඳව ද දෙපාර්ශවය විසින් අදහස් හුවමාරු කර ගත්හ.
මියන්මාරයේ ත්‍රස්තවාදී කණ්ඩායම්වල පාලනය යටතේ පිහිටි විසින් සයිබර් අපරාධ ප්‍රදේශයේ කඳවුරක සාපරාධී ක්‍රියාකාරකම් සඳහා බලහත්කාරයෙන් රඳවා සිටින ශ්‍රී ලාංකිකයින් පිරිස මුදා ගැනීමට සහය වන ලෙස ආරක්ෂක ලේකම්වරයා මියන්මාර් අග්‍රාමාත්‍යවරයාගෙන් සහ ජාතික ආරක්‍ෂක උපදේශකවරයාගෙන් ඉල්ලීමක් කළේය.
ශ්‍රී ලංකා නිලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සහ මෙම ගැටළුව විසඳීමට ප්‍රමුඛත්වය දීම සඳහා වන සිය රජයේ කැපවීම අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
මියන්මාර රජය නියෝජනය කරමින් කවුන්සිලයේ සම ලේකම් ලුතිනන් ජෙනරල් Ye Win Oo, රාජ්‍ය පරිපාලන කවුන්සිලයේ අමාත්‍යාංශයේ මධ්‍යම අමාත්‍ය අද්මිරාල් Moe Aung ඇතුළුව එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක්ද සාකච්ඡාව සඳහා සහභාගි වූහ.
ආරක්‍ෂක ලේකම්වරයා සමඟ මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිනි අතිගරු ප්‍රභාෂිනී පොන්නම්පෙරුම මැතිණිය සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ විංග් කමාන්ඩර් නුවන් මැදගම ද මෙරට දූත පිරිස නියෝජනය කරමින් මෙම අවස්ථාවට එක් විය.