කළුතර වෙරළට ගොඩගැසූ මවගේ සහ දියණියගේ මළසිරුරුවල අනන්‍යතාව හෙළිවෙයි..!

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Jul 28, 2023 12:26 PM GMT
Report

දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි මවකගේ සහ දියණියකගේ බවට උතුරු කළුතර වෙරළ තීරයට ගොඩගසා තිබියදී සොයාගත් මළසිරුරු වල අනන්‍යතාව හෙළි වී තිබේ.

උතුරු කළුතර වෙරළ තීරයේ තිබී ඊයේ (27) පස්වරුවේ දැරියකගේ මළ සිරුරක් සොයාගෙන තිබූ අතර, එම වෙරළ තීරයටම ගොඩගසා තිබූ කාන්තාවකගේ මළ සිරුරක් අද (28) පෙරවරුවේ සොයාගෙන තිබිණි.

 පොලීසිය වාර්තා කරන්නේ, සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී මියගිය දැරිය සහ කාන්තාව දොඩංගොඩ හල්කදවිල ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි මවක් සහ ඇයගේ අවුරුදු 02ක් වූ දියණිය බවට හදුනාගත් බවයි.

ඔවුන් දෙදෙනා මීට දින දෙකකට පෙර නිවසින් බැහැරව ගොස් ඇති බවටද පොලීසිය සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සිද්ධියට අදාළව මියගිය කාන්තාවගේ ස්වාමි පුරුෂයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පොලීසිය පියවර ගෙන ඇති අතර, මෙය සියදිවි හානිකර ගැනීමක්ද නැතහොත් ඝාතනයක්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බව සඳහන්ය.