'දෙහිබාලේ මල්ලිගේ' බාල සොහොයුරු 'කළු මල්ලි' ඩුබායි හිදී අත්අඩංගුවට
Crime Branch Criminal Investigation Department
Crime
Latest Headlines
Sinhala news
Puwath.lk
By R.rishma
සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශෙහාන් සත්සර හෙවත් ‘දෙහිබාලේ මල්ලි’ නමැත්තාගේ බාල සහෝදරයා වන පටබැඳිගේ තුෂාන් සත්සර හෙවත් ‘කළු මල්ලි’ නමැති සැකකරු ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන තිබේ.
25 හැවිරිදි මෙම සැකකරු දකුණු පළාතේ සිදුවූ ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි අයෙකු වන අතර, ඔහුට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය හරහා රතු වරෙන්තුවක් ද නිකුත් කර තිබූ බව වාර්තා වේ.
ශ්‍රී ලංකා පොලිසිය විසින් ලබාදුන් තොරතුරුවලට අනුව ඩුබායි බලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.