ඩෙංගු පරදවන්න කඩුවෙල නගර සභාවෙන් ලොකු පියවරක්

Dengue Prevalence in Sri Lanka Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Jun 28, 2026 11:49 AM GMT
Report

ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් කඩුවෙල නගර සභාව විසින් නිවෙස් හා පරිසරයේ වතුර එකතු විය හැකි භාජන සහ අබලි ද්‍රව්‍ය එකතු කිරීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව හෝකන්දර මල්වත්ත පාරේ පිහිටි සේවා පියස පරිශ්‍රයේදී අබලි ද්‍රව්‍ය භාර ගැනීමේ වැඩසටහනක් පැවැත්වුණු අතර, ඒවා ප්‍රවාහනය කිරීම සඳහා කඩුවෙල නගර සභාවට අයත් ලොරි රථද එම ස්ථානයට යොදවා තිබුණි.

මෙම වැඩසටහනට ප්‍රදේශවාසීන්ගෙන් ඉහළ ප්‍රතිචාරයක් ලැබුණු අතර, ඔවුන්ගේ නිවෙස්වල තිබූ වතුර එකතු විය හැකි භාජන සහ විවිධ අබලි ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සේවා පියස වෙත රැගෙනවිත් භාර දී තිබුණි. ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන අවම කිරීම සහ පිරිසිදු පරිසරයක් ගොඩනැගීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ බව කඩුවෙල නගර සභාව සඳහන් කරයි.

හෘද රෝග ඒකකයට ඇතුළත් කළ සුරේෂ් සලේ ගැන බිරිඳගෙන් විශේෂ ප්‍රකාශයක්

හෘද රෝග ඒකකයට ඇතුළත් කළ සුරේෂ් සලේ ගැන බිරිඳගෙන් විශේෂ ප්‍රකාශයක්

විභාගය ළඟද? පැය ගණන් පාඩම් නොකර A එකක් ගන්න රහස් 8ක්

විභාගය ළඟද? පැය ගණන් පාඩම් නොකර A එකක් ගන්න රහස් 8ක්