විභාගය ළඟද? පැය ගණන් පාඩම් නොකර A එකක් ගන්න රහස් 8ක්

Sri Lanka G.C.E.(A/L) Examination Sinhala news
By R.rishma Jun 28, 2026 11:14 AM GMT
Report

විභාග කාලය ආසන්න වීමත් සමඟ බොහෝ සිසුන්ට ඇතිවන ප්‍රධාන අභියෝගය වන්නේ නිවැරදිව පුනරීක්ෂණය (Revision) කරලා හොඳ ලකුණු ප්‍රමාණයක් ලබා ගන්නේ කෙසේද යන්නයි. විශේෂඥයන් පවසන්නේ විභාග සාර්ථකත්වය වැඩිපුර ඉගෙනීම මත නොව, “නිවැරදි ක්‍රමවේදයෙන් ඉගෙනීම” මත බොහෝ දුරට රඳා පවතින බවයි. අපි බලමු, විභාගයක් ළඟා වූ පසු එයට සාර්ථකව මුහුණ දිය හැකි ක්‍රම මොනවාද කියලා.

විභාගය ළඟද? පැය ගණන් පාඩම් නොකර A එකක් ගන්න රහස් 8ක් | 8 Secret Methods To Ace Exams

1. නිවැරදි අධ්‍යයන සැලැස්මක් (Study Plan) සකස් කිරීම.

විභාගයට සූදානම් වීමේ පළමු හා වැදගත්ම පියවර වන්නේ සැලැස්මක් (plan) තිබීමයි. A/L වැනි විශාල syllabus එකක් ඇති විභාගයකදී “අද මොනවා ඉගෙනගන්නද?” කියලා සැලැස්මක් නැතිව ඉගෙනීම අසාර්ථකයි. එහෙම නම් අපි කළ යුත්තේ නිවැරදි, ශක්තිමත් සැලැස්මකින් යුතුව ඉගෙනීම සිදු කිරීමයි. ඔයාට මේ දේවල් කරන්න පුළුවන්, සියලු විෂයයන් ලැයිස්තුගත කරන්න සෑම විෂයකටම topics බෙදා ගන්න අමාරු topics වලට වැඩි කාලයක් වෙන් කරන්න දිනපතා ඉගෙනීම සහ පුනරීක්ෂණ (Revision) balance එක තියාගන්න.

උදාහරණයක් ලෙස,

1.උදේ අමාරු විෂය (Maths / Physics)

2. දවල් නව පාඩමක්

3.සවස Revision + Past Papers 

2 Past Papers අනිවාර්ය පුහුණුවක් ලෙස භාවිතා කිරීම

Past papers කියන්නේ විභාගයට සූදානම් වීමේ අතිශය වැදගත්ම මෙවලමකි.මොකද Theary මොනතරම් ඉගෙන ගත්තත් papers එක තියෙන දවසට එක ගොඩ දා ගන්න නම් පුරුදු වෙලා පුහුණු වෙලා යන්නම වෙනවා.

එයින් ලැබෙන වාසි,

1.ප්‍රශ්න pattern එක හොඳින් තේරුම් ගැනීම.

2.වැඩිපුරම අහන topics හඳුනා ගැනීම.

3.කාල කළමනාකරණය දියුණු වීම.

4.ආත්ම විශ්වාසය (self-confidence) වැඩි වීම.

වැදගත්ම කරණයක් තමා Past papers කියවලා නවත්තන්න එපා.ලියලා practice කරන්නම ඕන මොකද එකෙන් තමා මේ ක්‍රියාවලිය සම්පුර්ණ වෙන්නේ. 

විභාගය ළඟද? පැය ගණන් පාඩම් නොකර A එකක් ගන්න රහස් 8ක් | 8 Secret Methods To Ace Exams

3.කාල කළමනාකරණය (Time Management) පුහුණු වීම.

විභාගයේදී බොහෝ සිසුන්ට ලකුණු අහිමි වන්නේ දැනුම නැති නිසා නොව කාලය වැරදි ලෙස භාවිතා කිරීම නිසායි.එ නිසාවෙන් විභායේදි නියමිත කාලයට අදාළ ප්‍රශ්න ටිකට පිළිතුරු සපයලා අවසන් කරන්නම වෙනවා.ඇතැමෙක් ශීෂ්‍යයන් සිදු කරන්නේ සමහර තමන් දන්නා ප්‍රශ්න වලට විශාල කාලයක් ගන්නවා.එත් එම ප්‍රශ්නයට නියමිතව තිබෙන ලකුණු ප්‍රමාණයක් තියෙනවා. එතනිම් එහාට ලිව්වා කියලා ලකුණු ලැබෙන්නේ නැහැ. අනිත් ප්‍රශ්න වලට ලියන්න වේලාවත් මදි වෙන්න පුලුවන්.

1 time limit දාලා past papers කරන්න

2 එක ප්‍රශ්නයකට ගතවන කාලය control කරන්න

3 ඉක්මනින් ලියන්න පුරුදු වන්න

Paper එකට පැය 3ක් නම් නිවසේ practice කරන විටත් පැය 3ක්ම තියාගන්න.එතකොට විභාගය ඔයාට අධුනික දෙයක් වෙන්නේ නැහැ. 

4.ප්‍රශ්න නිවැරදිව කියවීම (Question Understanding)

බොහෝ වැරදි සිදුවන්නේ ප්‍රශ්නය වැරදි ලෙස තේරුම් ගැනීම නිසායි.මොකද ප්‍රශ්නය වැරදියට මුලින්ම තේරුම් ගත්තොත් කොච්චර තියෙන දැනුම එළියට දැම්මත් එම ප්‍රශ්නයට අදාළ නියමිත ලකුණු නම් හම්බෙන්නේ නැහැ. එ හින්දා මේ වගේ දේවල් කරන්න පුලුවන්.

1.ප්‍රශ්නය 2–3 වාරයක් කියවන්න

2.''මොනවද අහන්නේ?'' (what is asked?) හොඳින් තේරුම් ගන්න.

3.key words underline කරන්න උදාහරණයක් "පැහැදිලි කරන්න'' (Explain) කියනවා නම් short answer නොව විස්තරාත්මක පැහැදිලි කිරීම් ලියන්න ඕන. 

5. පහසු ප්‍රශ්න මුලින් විසඳීම.

විභාගයේදී panic වීම අඩු කරගන්න හොඳ ක්‍රමයක් තමයි පහසු ප්‍රශ්න වලට පහසුවෙන් පිළිතුරු සැපයිම. විභාගයකදී බොහෝ සිසුන්ට ලකුණු අහිමි වන්නේ දැනුම අඩු නිසාම නොව ප්‍රශ්න පත්‍රය handle කරන ක්‍රමය වැරදි නිසා. ඒ අතරින් ඉතාම වැදගත් strategy එකක් තමයි “පහසු ප්‍රශ්න මුලින් විසඳීම.” මෙය simple idea එකක් වගේ පෙනුනත්, හොඳින් භාවිතා කළොත් ලකුණු, කාලය සහ confidence තුනම වැඩි කරගන්න පුළුවන්. මෙමගින් වාසි ගොඩක් ලැබෙනවා.

1.විශ්වාසය (confidence) වැඩි වීම.

2.ආරක්ෂිත ලකුණු (marks secure) කිරීම.

3.කාලය නාස්ති කිරීම time waste අඩු වීම.

මේක කරන අකාරය තමා පළමු වටයේදි පහසු ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.දෙවැනියට මධ්‍යම ප්‍රමාණයේ එවාට පිළිතුරු සපයන්න.අවසානයේදි අමාරු ප්‍රශ්න තෝරා ගන්න.

6. මතකයෙන් (Recall) කරලා ඉගෙනගන්න.

මේ කියන්නේ “කියවලා මතක තබා ගැනීම” නෙවෙයි.මතකය සිහිපත් කරලා නැවත අරගෙන කියන්න පුළුවන් වෙන විදිහට මොළය පුහුණු කරන ක්‍රමයක්. පාඩමක් කියවලා ඉවර වුණාම පොත වහලා, “මට දැන් මොනවද මතක?” කියලා ඔබම කියලා ලියලා බලන්න. මතක සහ නැති තැන් පසුව ඔබටම පරික්ෂා කර ගන්න පුලුවන්. එවාගේම මෙතන්දි Flashcards භාවිතා කරලා එක පැත්තක ප්‍රශ්නය, අනෙක් පැත්තේ උත්තරය ලියලා මතක් කර ගැනිමත් හොද Recall කරන අකාරයක්. පාඩමක් ඉගෙනගත්තට පසුව Blurting Method භාවිතා කරලා කඩදාසියක් අරගෙන මතකයෙන් හැමදේම ලියන්න පුලුවන් ඊට පස්සේ සටහන් එක්ක සසදලා බලන්න පුලුවන්. 

7.කාලෙන් කාලේ නැවත ඉගෙන ගැනීම(Spaced Repetition)

එ කියන්නේ එකම පාඩම එකවරම නෙමෙයි කාල අන්තරවලින් නැවත නැවත මතක් කරමින් ඉගෙන ගැනීමේ ක්‍රමයක්. මොළය නව දේවල් ඉක්මනින් අමතක කරන නිසා, නිවැරදි කාලවලින් නැවත මතක් කිරීමෙන් ඒ දේ දිගුකාලීන මතකයට (long-term memory) යොමු වෙනවා. අද ඉගෙන ගන්න දේ හෙට නැවත recall කරන්න පුලුවන්.දින 3කට පස්සේ නැවත බලන්න.සතියකට පස්සේ නැවත recall කරන්න.මාසයකට පස්සේ test එකක් වගේ කරලා බලන්න.

විභාගය ළඟද? පැය ගණන් පාඩම් නොකර A එකක් ගන්න රහස් 8ක් | 8 Secret Methods To Ace Exams

8.හොද නින්ද ලබා ගැනිම.

හොඳ නින්දක් ලබා ගැනීම අධ්‍යාපනික සාර්ථකත්වය සඳහා ඉතාම වැදගත් සාධකයකි. දිනපතා පාඩම් කිරීමෙන් පසු මොළය එම තොරතුරු සංවිධානය කර දිගුකාලීන මතකයට එක් කිරීමේ ක්‍රියාවලිය සිදුවන්නේ නින්ද අතරතුරය. ප්‍රමාණවත් නින්ද නොලැබුණහොත් අවධානය අඩු වීම, මතකය දුර්වල වීම සහ විභාග කාර්ය සාධනය පහත වැටීම සිදුවිය හැක. එබැවින් දිනකට පැය 7–9ක් පමණ ගුණාත්මක නින්දක් ලබා ගැනීම ඉතා වැදගත් වේ. නින්දට යාමට පෙර අධික ලෙස ජංගම දුරකථන භාවිතය අඩු කිරීම, එකම වේලාවක නිදාගැනීමේ පුරුද්දක් ඇති කිරීම සහ රෑ අධික පාඩම් කිරීමෙන් වළකින්න වැනි හොඳ පුරුදු අනුගමනය කිරීමෙන් නින්දේ ගුණාත්මකභාවය වැඩි කරගත හැක. මේ ආකාරයට හොඳ නින්දක් පවත්වා ගැනීම මඟින් ඉගෙනීමේ හැකියාව සහ විභාග ප්‍රතිඵල දෙකම වඩාත් දියුණු කරගත හැක. එමගින් අපට මේ දේවල් ලැබෙනවා.

1.මතකය ශක්තිමත් කරයි.

2.අවධානය (focus) වැඩි කරයි.

3.විභාගයේදී ඉක්මනින් සිතන්න පුළුවන් වෙනවා.

4.ආතතිය (stress) අඩු කරයි.

අවසානයේදී මතක තබා ගත යුතු වැදගත්ම කරුණ වන්නේ, නිරන්තර උත්සාහය සහ ස්ථිර කැපවීම සමඟ ඕනෑම සිසුවෙකුට තම ඉලක්ක සපුරා ගත හැකි බවයි. එබැවින් අද සිටම නිවැරදිව සැලසුම් කර, ක්‍රමවත් ලෙස ඉගෙනීම ආරම්භ කර ඔබගේ අනාගතය ජයග්‍රාහී කරගන්න.