කඩුවෙල ගින්නෙන් එකම පවුලේ සිව්දෙනෙක් මරුට

Colombo Fire Latest Headlines Sinhala news Breaking News
By R.rishma Nov 19, 2026 04:31 AM GMT
Report

කඩුවෙල නගරයේ පිහිටි විදුලි උපකරණ අලෙවිසැලක අද (19) උදෑසන ඇති වූ ගින්නකින් එකම පවුලේ සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ මව, පියා සහ වයස අවුරුදු 02ක් හා 06ක් වන ඔවුන්ගේ කුඩා දරුවන් දෙදෙනා බවයි වාර්තා වන්නේ.

ගින්න හටගෙන ඇත්තේ විදුලි උපකරණ අලෙවිසැලක් පවත්වාගෙන ගිය දෙමහල් ගොඩනැගිල්ලකයි. එහි පහළ මහලේ අලෙවිසැල පිහිටා තිබූ අතර, මියගිය පවුලේ සාමාජිකයින් ඉහළ මහලේ රැඳී සිට ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ගින්න පාලනය කිරීම සඳහා කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයට අයත් ගිනි නිවීමේ රථ තුනක් යොදවා තිබුණා.

ගිනි නිවීමේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් මේ වනවිට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, මෙම ගින්න ඇතිවීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අපේක්ෂාවෙන් පසුවනවා.