“JVP කරන්න එපා” ජවිපෙ සාමාජිකයාට පහර දී බත් පිඟානත් පොලවේ ගැසූ පොහොට්ටු මන්ත්‍රීට සිදු වූ දේ

By Sithumi Sep 30, 2022 01:15 PM GMT
Report

ඇඹිලිපිටිය නගර සභාවේ සභාපති දිනේෂ් මධුසංඛ ඇතුළු 04 දෙනෙකු ලබන මස 05වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ ප්‍රදේශයේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකුට පහර දීමකට අදාලවයි.

පහර කමට ලක් වූ පුද්ගලයා පොලිසියට පැමිණිලි කර ඇත්තේ තමා අහර ගනිමින් සිටින අවස්ථාවේ පැමිණි ඇඹිලිපිටිය නගර සභාවේ සභාපති දිනේෂ් මධුසංඛ ඇතුළු 04 දෙනෙකු ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය සිදු නොකරන ලෙසට පවසමින් පහර දුන් බවයි. එසේම එම පිරිස තමාගේ බත් පිඟාන ද විසිකර දැමු බවට ඔහු පොලිසියට ඉදිරිපත් කළ පැමිණිල්ලේ දැක්වෙනවා.

පහර කෑමට ලක් වූ පුද්ගලයා මේ වනවිට ඇඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර, නගර සභාවේ සභාපති දිනේෂ් මධුසංඛ ඇතුළු 04 දෙනා අද(30) අත්අඩංගුවට ගෙන ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි ලබන මස 05වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ.