පුහුණු සැසියක් අතරතුර කායවර්ධන ක්‍රීඩකයෙකු ජීවිතක්ෂයට..!මෙම සංවේදී අවස්ථාව කැමරාවකටත් හසුවෙයි (VIDEO)

Indonesia
By Sewvandhi Jul 23, 2023 01:08 PM GMT
Report

පුහුණු සැසියක් අතරතුර දී කායවර්ධන ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා. ඒ 33 හැවිරිදි ඉන්දුනීසියාවේ ජස්ටින් විකී නැමති ක්‍රීඩකයායි.

විදෙස් මාධ්‍ය පවසන්නේ, ඉන්දුනීසියාවේ බාලි දුපතේ පිහිටි පැරඩයිස් නම් කායවර්ධන මධ්‍යස්ථානයේ දී ඊයේ (22) මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙහිදී ජස්ටින් විකී කිලෝග්‍රෑම් 200 කට වඩා බරින් යුත් බාර්බෙල් "barbell" එක එසවීමට උත්සාහ කර ඇති අතර එහිදී එම බර දරා ගැනීමට නොහැකිව ඔහුගේ පාදය ලිස්සා ගොස් ඇත. එම අවස්ථාවේ දී බාර්බෙල් එක ඔහුගේ උරහිස මතට වැටී පසුව ක්ෂණිකව බෙල්ලට සහ හිසට වැටී අනතුර සිදුව තිබුණි.

විදෙස් මාධ්‍ය පෙන්වන්නේ, ඔහුගේ සහායකයා විසින් එය වැළැක්වීමට උත්සාහ දරා ඇති නමුත් එය ව්‍යාර්ථ වී ඇත බවයි. බාර්බෙල් එකෙහි අධික බර එකවැර ඔහුගේ බෙල්ලට සහ හිසට වැදි ඇති බැවින් බෙල්ලේහි අස්ථි බිඳි ඇති බවත් එම නිසා ඔහුගේ හදවතට සහ ශ්වසන පද්ධතියට සම්බන්ධ වූ ස්නායුවලට දැඩි හානි සිදුවී ඇති බවයි වෛද්‍ය වාර්තා පෙන්වා දී ඇත්තේ.

ජස්ටින් විකී කිලෝග්‍රෑම් 200 කට වඩා බරින් යුත් බාර්බෙල් එක එසවීමට උස්සහ දරන අයුරු විඩියෝ කර ඇති අතර එහිදී අවාසනාවන්ත ලෙස ඔහු අනතුරට ලක් වන ආකාරය ද එහි පටිගතව තිබේ.