අරලියගහ මැදුරේ රූපවාහිනී සොරකම් කළ සැකකරු රිමාන්ඩ් - ලහිරු වීරසේකර සහ ටැම්පිටියේ සුගතානන්ද හිමිට වරෙන්තු නිකුත් කරයි..
By Sithumi
ජුලි 9 වනදා ඇතිවූ කලහකාරී සිදුවීම් අතර අරලියගහ මන්දිරයේ තිබූ රූපවාහිනී යන්ත්‍ර දෙකක් සොරකම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ලබන අගෝස්තු මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයයි මෙම නියෝගය ලබාදුන්නේ.
මේ අතර ලහිරු වීරසේකර සහ ටැම්පිටියේ සුගතානන්ද හිමියන්ට නඩු කටයුත්තකට අදාළව අධිකරණයේ පෙනී නොසිටීමේ චෝදනා මත වරෙන්තු නිකුත් කර ඇතැයි අප වාර්තාකරු සඳහන් කළා.
මේ අතර ජාතික රූපවාහිනියට ඇතුළු වී ප්‍රචණ්ඩකාරීව හැසිරෙමින් එහි විකාශන කටයුතුවලට බාධා එල්ල කිරීම ඇතුළු තවත් චෝදනා කිහිපයකට අත්අඩංගුවට ගත් ධානීෂ් අලි ලබන අගෝස්තු 05 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකළා. ඒ ඔහු ඊයේ රාත්‍රියේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |