මාධ්‍යවේදීන්ගේ තේ කෝප්පයත් සිවු ගුණයකින් ඉහළට

Parliament of Sri Lanka Sri Lanka Journalists In Sri Lanka
By Sewvandhi Oct 20, 2022 08:11 AM GMT
Report

මාධ්‍යවේදීන් සඳහා පාර්ලිමේන්තුවෙන් සැපයුණු තේ වෙනුවෙන් අය කෙරෙනු මුදල සිවු ගුණයකින් ඉහළ දමා ඇත. මාධ්‍යවේදීන්ගේ තේ සඳහා මෙතෙක් අය කෙරුණේ රුපියල් 25 ක මුදලකි.

මේ අනුව එම මුදල රුපියල් 100ක් දක්වා වැඩි වනු ඇත. මාධ්‍යවේදීන්ගේ තේ වෙනුවෙන් අය කෙරුණු මුදල මෙසේ සිවූගුණයකින් ඉහළ දමා ඇත්තේ පාර්ලිමේන්තු සේවකයන්ට මුළු මාසයටම ආහාර තේ පැන් සහ වෙනත් සියලු පහසුකම් වෙනුවෙන් රුපියල් දහසක පමණ මුදලක් අය කරන අවස්ථාවක වීම විශේෂත්වයකි.

මාධ්‍යවේදීන්ගේ දිවා ආහාර වේලේ මිලද පසුගිය මාසයේ සිට රුපියල් එකසිය පනහක් දක්වා වැඩි කරනු ලැබීය.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now