ජෝසෆ් ස්ටාලින් සම්බන්ධයෙන් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය දුන් තීන්දුව..

Sri Lanka
By krishani Aug 08, 2022 06:34 AM GMT
Report

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් එම නියෝගය ප්‍රකාශයට පත් කර තිබෙන අතර පසුගියදා අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් කොළඹ - කොටුව පොලිස් බලප්‍රදේශය තුළ පිහිටි බැංකු මාවත ප්‍රදේශයේ උද්ඝෝෂණයක නිරතවීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් පොලීසිය මඟින් අත්අඩංගුවට ගත් ජෝශෆ් ස්ටාලින් මහතා රක්ෂිත බන්ධනාගාර ගතකර කෙරිණී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join