ජෝර්දානය සහ ලෙබනන් ගුවන් සීමා යළි විවෘත වේ

Israel Melbourne Jordan Latest Headlines Sinhala news
By Shehan Jun 14, 2025 12:44 PM GMT
Report

ඊශ්‍රායලය සහ ඉරානය අතර හටගෙන ඇති ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් වසා දැමුණු ජෝර්දාන සහ ලෙබනන් ගුවන් කලාප යළි විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් නැවත දැනුම් දෙනතුරු ඊශ්‍රායල සහ ඉරාන ගුවන් කලාප තවදුරටත් වසා දැමීමටයි තීරණය කර ඇත්තේ.

ප්‍රහාර සමග ඊශ්‍රායලයේ බෙන් ගුරිඔන් ගුවන් තොටුපළ නැවත දැනුම් දෙනතුරු වසා දමා තිබෙනවා.

මේ අතර ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පලස්තීන ජාතිකයන් 16 දෙනෙකු පමණ මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එවන් පසුබිමක තම ප්‍රහාර වැළැක්වීමට ඊශ්‍රායලයට සහය පළකළහොත් එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ප්‍රංශයට අයත් ඔවුන්ගේ කඳවුරු ඉලක්ක කරන බවට ඉරානය අනතුරු අගවා ඇතැයි සඳහන්.