හිටපු ඇමති ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙක්ට එරෙහි නඩු ගැන කොළඹ මහාධිකරණය දුන් නියෝගය..

Johnston Fernando Sri Lanka Politician
By krishani Nov 01, 2022 07:53 AM GMT
Report

අද (01) හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩු තුනක් නිෂ්ප්‍රභ කොට විත්තිකරුවන් නිදහස් කරන්නැයි ඉල්ලා විත්තිය විසින් මතුකර තිබෙන මූලික විරෝධතාවලට අදාළ ලිඛිත දේශන දෙසැම්බර් මස 09 වනදා ගොනුකරන ලෙස කොළඹ මහාධිකරණය අල්ලස් කොමිසමට නියෝග කළේ ය.

2010 සහ 2014 අතර කාලයේ දී වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් සිටිය දී සතොස ආයතනයේ සේවකයින් පිරිසක් සිය රාජකාරීවලින් ඉවත්කොට දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩු සිදු වුයේ යැයි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අදාළ නඩු ගොනුකර කෙරිණි.