හිටපු ඇමති ජොන්ස්ටන්ට එරෙහිව තවත් නඩුවක් වැටෙයි..!

Johnston Fernando Sri Lanka Lanka Sathosa Ministry of Finance Sri Lanka
By Sewvandhi May 30, 2022 11:10 AM GMT
Report

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් අද (30) කොළඹ මහාධිකරණය හමුවේ යළි නඩුවක් ගොනු කර තිබේ.

එම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ස.තො.ස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ මොහොමඩ් ශාකීර් යන අය නම් කර ඇත.

මෙම චෝදනා සම්බන්ධයෙන් ඉකුත් යහපාලන රජය සමයේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබුණි.

එහෙත් එම නඩු සඳහා අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු තුන්දෙනාගෙන් ඉකුත් ලිඛිත අනුමැතිය හිමිවී නොමැති බවට විත්ති පාර්ශවය විසින් මතුකළ මූලික විරෝධතා සලකා බැලීමෙන් අනතුරුව එම කොමිසම විසින් අදාළ චෝදනා ඉල්ලා අස්කරගෙන තිබුණි.

ඒ අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් එම චෝදනාවලින් නිදහස් කිරීමට ද මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණි. ඉන් අනතුරුවයි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් අද යළි මෙම අධි චෝදනා පත්‍ර ගොනුකර තිබේ.

2010 වසරේ ජනවාරි මස 01 සහ එම වසරේ සැප්තැම්බර් මස 31 වනදා දක්වා කාලසීමාව තුළ වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් ස.තො.ස ආයතනයේ සේවකයින්  සිය නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත් කොට දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීම තුළින් රජයට රුපියල් 8465000/-ක පාඩුවක් සිදුකර අල්ලස් පනත යටතේ දූෂණය නැමැති වරද සිදුකර ඇති බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව යළි අධිචෝදනා පත්‍ර ගොනු කරනු ලැබීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now