මෙරට රැකියා කරන අයට රතු එළියක්...

Sri Lanka
By Aruna Jun 07, 2022 01:00 AM GMT
Report

උද්ධමනය ශීඝ්‍රයෙන් ඉහළයාමේ ප්‍රතිවිපාක ලෙස ඉදිරි කාලයේ මෙරට ක්ෂේත්‍ර රැසක රැකියා අහිමිවීමේ අවදානමක් මේ වන විට මතු වෙමින් පවතින බවට ආර්ථික විශේෂඥයන් අනතුරු අඟවා තිබෙනවා.

මෙම තත්ත්වය උද්ගත විය හැකි වන්නේ ව්‍යාපාර ආයතනවලට සිය සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා ප්‍රමාණවත් ආදායමක් නොලැබීම හේතුවෙන්.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව මෙරට උද්ධමනය පසුගිය මැයි මාසයේදී 39.1% දක්වා ඉහළ ගිය අතර ආහාර උද්ධමනය 57.4 % දක්වා වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබුණි.

මෙලෙස ජීවන වියදම ඉහළ යාම මෙන්ම අපනයන හා ආනයන සීමාවීම නිසා මෙරට ක්ෂේත්‍ර රැසක රැකියාවලට මේ වන විට බරපතළ ලෙස අහිතකර බලපෑම් එල්ල වී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now