ජපන් රැකියා සදහා සිහින දකින්නන් වෙනුවෙන් සුබ පණිවිඩයක්..
Manusha Nanayakkara
Japan Sri Lanka Relationship
Japan
By krishani
ජපානයේ GTN – Global Trust Network ආයතනය ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සදහා ජපානයේ සාත්තු සේවක අංශයේ රැකියා දහසකට වඩා වැඩි සංඛ්‍යාවක් ලබාදීමට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට සහතික වී ඇත.
ඒ අනුව මේ වසර තුළ කඩිනමින් සාත්තු සේවකයින් 150 දෙනෙක් බඳවා ගැනීමට ද ලබන වසරේ දී සාත්තු සේවකයින් දහසක් බඳවා ගැනීමට ද එකඟතාවය පළ කර ඇත.
ජපානය තුළ විදේශ රැකියා පහසුකම් ලබාදෙන ප්‍රමුඛතම ආයතනයක් වන GTN – Global Trust Network ආයතනය මේ වන විට විදේශීය ශ්‍රමිකයින් තුන්ලක්ෂ පනස් දහසකට වැඩි සංඛ්‍යාවකට ජපානය තුළ රැකියා අවස්ථා ලබාදී ඇත.