එලිසබත් රැජිනට වසර 35ක් පුරාවට ලිපි යැවු පිටකොටුවේ ජිනදාස - රැජිනගෙනුත් පිළිතුරු ලිපි..(VIDEO)
බ්‍රිතාන්‍ය රජ පවුලට කලක් තිස්සේ ලිපි ලියන ජිනදාස ලියනගේ හෙවත් පිටකොටුවේ අහිංසක ඔබටත් මතක ඇති. මහ රැජිනගේ අභාවයත් සමඟ මහත් සංවේගයට පත්ව සිටින ජිනදාස සොයාගෙන අපි ගියේ අතීත මතක ගැන විමසා බලන්න. බ්‍රිතාන්‍යයේ රජ පවුලට කලක් තිස්සේ ලිපි ලියන ජිනදාස ලියනගේ හෙවත් පිටකොටුවේ අහිංසක මාමා ගැන මීට කලකට ඉහතදීත් අපි තොරතුරු ගෙන ආවා.
තමන් ලිපි හුවමාරු කළ දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අභාවයත් සමඟ ජිනදාස මහත් සංවේගයට පත්වෙලා. ජිනදාස පිටකොටුවේ සිය වෙළඳසැල අසල මෙලෙස දැන්වීමක් ප්‍රදර්ශනය කර තිබුණේත් ඒ නිසයි. වසර 35කට අධික කාලයක් තිස්සේ බ්‍රිතාන්‍ය රාජකීය පවුල සමඟ සිදුකළ ලිපි හුවමාරුවේ ආරම්භය ගැන මතකය ජිනදාස අප සමඟ අවදි කළා.
ජිනදාස යැවූ බොහෝ ලිපිවලට රජ පවුලෙන් ඔහුට පිළිතුරු ලිපිත් ලැබී තිබුණා. එක් අවස්ථාවක බ්‍රිතාන්‍යයට ගොස් රාජකීයයන් හමුවීමට ජිනදාසට ආරාධනයක් ලැබුණත් කොවිඩ් වසංගතය ඊට හරස්වුණා. දැන් ඔහුගේ එකම බලාපොරොත්තුව මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට හෝ සහභාගී වී ඇයට ගෞරවය පුද කිරීමයි.
(වීඩියෝ අයිතිය - හිරු නිවුස්)
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |