පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්තගේ කෙටුම්පත ගැන නීතිපතිගෙන් දැනුම්දීමක්..
Jayantha Ketagoda
Sri Lanka
Sri Lanka Podujana Peramuna
By Sewvandhi
නීතිපතිවරයා විසින් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මහනගර සභා හා පළාත් පාලන ආයතන සංශෝධිත පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්තිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන උල්ලංඝනය වන බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
ඒ අනුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට දැනුම් දී ඇත්තේ,අදාළ පනත් කෙටුම්පත සම්මත කරන්නේ නම්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයකින් අනුමත වී එය ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවයි.
අද (24) අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත විධිවිධානවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර තිබුණු පෙත්සම් 27ක් යළි විභාගය සඳහා කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මෙම දැනුම් දීම සිදු කළාය.