හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් බණ්ඩාර දිසානායක ඇප මත මුදාහැරේ

Latest Headlines Sinhala news Puwath.lk Arrest
By R.rishma Jul 15, 2026 09:21 AM GMT
Report

මුදල් වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය එස්.බී.දිසානායකගේ සහෝදරයා වන හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් බණ්ඩාර දිසානායක ඇප මත මුදාහැර තිබේ.

සැකකාර හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් බණ්ඩාර දිසානායක මහතා අද (15) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් මිලියන 10ක ශරීර ඇප 2ක් සහ රුපියල් 50,000ක මුදල් ඇපයක් මත මුදාහැරීමට නියම කෙරුණි.

තවද සැකකරුට අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක්ද පැනවුණි.

සුරාබදු බලපත්‍රයක් ලබාදෙන බවට පවසා වීරකැටිය ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් 27,500,000/= මුදලක් වංචා කිරීම සම්බන්ධව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වෙත ලද පැමිණිල්ලක් මත එම කොට්ඨාසයේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය මඟින් සැකකරුට එරෙහිව විමර්ශන ආරම්භ කර තිබුණි.