"ජාතික සභාව"ට පක්ෂ නායක රැස්වීමේදී අනුමැතිය
පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජනය වන 37 දෙනෙකුගෙන් සමන්විත "ජාතික සභාව" ට, පක්ෂ නායක රැස්වීමේදී එකඟතාව හිමිව තිබේ. රට තුළ මතුව ඇති ආර්ථික හා සමාජ අර්බුදය සමනය කිරීම සඳහා, පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් " ජාතික සභාව " පිහිටුවීම පිළිබඳව තීරණය කිරීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්, පක්ෂ නායක රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (07) පැවැත්විණි.
ඒ එකඟතාව අනුව, කථානායකවරයා, ජාතික සභාවේ මූලාසනය දරණ අතර අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා, සභානායකවරයා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා නිල බලයෙන් එහි සාමාජිකයන් බවට පත්වෙයි.
පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වන සියලු පක්ෂ නියෝජනය වන පරිදි, නිල බලයෙන් සාමාජිකයන් වන නියෝජිතයන්ද ඇතුළු "ජාතික සභාවේ" සම්පූර්ණ සාමාජික සංඛ්‍යාව 37කි. ඊට අදාළ යෝජනාව කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද පක්ෂ නායක රැස්වීමේදී එකඟතාවය ඇතිවිය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |