දරුවන් විරෝධතාවලට ගෙන ආ යුතු බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..

Sri Lanka Politician Sri Lanka Janatha Vimukthi Peramuna Anurag Kashyap
By Aruna Oct 19, 2022 12:34 AM GMT
Report

දරුවන් සමඟ දේශපාලන කටයුතුවලට පැමිණිය හැකි තත්ත්වයක් දෙමව්පියන්ට තිබිය යුතු බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය අවධාරණය කළා.

ඇය පෙන්වාදුන්නේ, දේශපාලකයන්ට පමණ නොව, පුද්ගලයාගෙන් ද දේශපාලනය වෙන් කළ නොහැකි සාධකයක් බවයි.

එම නිසා ජීවිතය දේශපාලනික බව තේරුම් ගත් දෙමාපියන් පවුල් පිටින් උද්ඝෝෂණවලට පාරට එන බව ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය ප්‍රකාශ කළා. ඇය පැවසුවේ.

දරුවන් සහ කාන්තාවන් ලෙස මුහුණ දෙන වත්මන් ප්‍රශ්නවලට විසඳුම පවතින්නේ ජාතික ජන බලවේගය සතුව බවත්, නිදහස් සහ ආදරණීය ජීවිතයක් ගොඩනඟා ගැනීමට සියලු දෙනා එක්විය යුතු බවයි.

ආත්මාර්ථකාමීන් බිහිකරන මේ සිස්ටම් එක වෙනුවට ජාතික ජන බලවේගය සමඟ එක්ව දරුවන්ගේ අනාගතය යහපත් කිරීම වෙනුවෙන් මේ රට භාර ගත යුතු බව ද ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය අවධාරණය කළා.

ඇය පැවසුවේ, ආර්ථික කඩාවැටීම හමුවේ පවුල්වල ආහාර රටාව සියයට හැත්තෑවකින් වෙනස් වීම සමීක්‍ෂණයකින් හෙළිවී ඇති බවයි.

දරුවන්ට අවශ්‍ය නිසි පෝෂණය, වැඩිහිටියන්ට අවශ්‍ය ආහාර ලබා ගැනීමට නොහැකි ජනතාව ආහාර වේල් කපාහරිමින් සිටින බව ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය පෙන්වාදුන්නා.

ඇය පැවසුවේ, මේ සියල්ල සිද්ධ වෙන්නේ කරුමයට හෝ දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව නොව අවුරුදු හැත්තෑහතරක් රට පාලනය කළ දේශපාලකයන් නිසා බවයි.

එහෙත් මේ තත්ත්වය දරාගැනීමට නොහැකිව දරුවන් සමඟ පාරට එන දෙමව්පියන් ත්‍රස්තවාදීන් බව රනිල් වික්‍රමසිංහ හඳුන්වන බව ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය පසුගියදා පැවති ජාතික ජන බලවේගයේ කැස්බෑව ආසන සමුළුවේ දී ප්‍රකාශ කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now