හැමෝම කතා වෙන ජපන් හාල් කැඳ මාස්ක් එකෙන් ලස්සන වෙන්නේ කොහොමද?
හැමෝම හැමතැනම කතා වෙන රූපලාවන්‍ය සත්කාරයක් තමයි ජපන් හාල් කැඳ මාස්ක් එක. මෙම මාස්ක් එකෙන් පැහැපත් සුන්දර පෙනුමක් ලබාගන්න පුළුවන් කියලයි කියන්නේ හැබැයි සමහරුන්ට නම් මේක ගැන එතරම් විශ්වාසයක් නැහැ. හැබැයි bleaching cream වගේ එක පාරට ප්‍රතිපල ගන්න බැහැ. නමුත් ඉවසීමෙන් ටික කාලයක් කලොත් සාර්ථක ප්‍රතිපල ලබාගන්න පුළුවන්.
අවශ්‍ය දේවල්
? රෝස කැකුළු කෝප්ප භාගයක්
? වතුර කෝප්ප දෙකක්.
? පොඩි ටවල් එකක්.
? කපු හෝ කපු රෙද්දකින් කපාගත් කපා ගත් රෙදි වෙස් මුහුණු ආවරණයක්.
? කුඩා පින්සලක් mask බර්ෂ්
සාදාගන්නා ආකාරය
? හාල් හොඳින් සෝදා ගන්න
? පසුව හාල් ටික බෝල් එකට දමා වතුර කෝප්ප එකක් දමන්න
? දැන් එලෙස වතුර පුරවා ගත් සහල් ටික පුරා රාත්‍රියක් පැය 12ක් පෙගෙන්නට තබන්න.
? උදෑසන හාල් පොඟවා ගත් වතුර සමඟ සහල් විනාඩි 5ක් රත් කරන්න.
? පසුව වතුර ටික පෙරා ගන්න කැඳ වතුර.
? දැන් හොඳින් නිවාගත් කැඳ වතුර කපාගත් කපු හෝ අමු රෙදි mask එක පොඟවන්න.
? විනාඩි 10 දහයක් රෙදි mask එක කැඳ වතුර තබන්න.
? දැන් පරිස්සමෙන් අලුත් කැඳ වතුර යන්තමින් මිරිකා ගන්න.
? රෙදි mask එක මුහුණ මත අලවා ගන්න.
? රෙදි mask එක යන්තමින් තබමින් එය නිසි ලෙස මුහුණ මත අලවා ගන්න.
? ඇඟිලි තුඩු වලින් හොඳින් මසාජ් කරන්න.
? මේ විදිහට පැය භාගයක් රෙදි මාස්ක් එක තබා ගන්න.
? පැය බාගයකට පසු දෑතින් හොඳින් මුහුණට තට්ටු කරන්න.
? පසුව පරිස්සමෙන් මුහුණ මත අලවාගත් හාල් කැද mask එක ඉවත් කරන්න.
හොඳ ප්‍රතිපල ලබාගන්න දවස් දෙකකට වරක් එය කරන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |