මෙරටින් විදෙස් රැකියා සදහා යන අයට විශේෂ පණිවුඩයක්..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Japan Sri Lanka Relationship Japan
By Aruna Oct 28, 2023 10:27 AM GMT
Report

රුපියල් ලක්ෂ 163ක ට වැඩි මුදලක් වංචා කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් විසින් ජපානයේ රැකියා ලබා දෙන බව පවසා මහජනතාවගෙන් මිලියන 16.3ක් වංචා කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම වංචාව සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි හතකට අනුව කුලියාපිටිය විශේෂ අපරාධ විමර්ශන ඒකකය විමර්ශනයක් ආරම්භ කළ බව පොලිසිය සඳහන් කළේය.

කුලියාපිටිය විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් බදාදා (ඔක් 25) සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් වයස අවුරුදු 35 සහ 57 යන වයස්වල පසුවන ඉඹුල්ගොඩ සහ හල්මිල්ලවැව ප්‍රදේශවල පදිංචිකරුවන්. සිද්ධිය සම්බන්ධයෙන් කුලියාපිටිය විශේෂ අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Gallery